විදේශ ගතව සිට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයවන කෙසෙල් වත්තේ ධනුක යන අයගේ සමීපතමයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කදවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ (කොළඹ කලාපයේ) නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ (බුද්ධි/විශේෂ මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය නාශක) සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම යටතේ පොලිස් පරික්ෂක එම්.එච්.ඒ. මධුරංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (03) කෙසෙල්වත්ත පොලිස් වසමේ අංක KT 08, වේල්ල වීදිය, කොළඔ 12 යන ස්ථානයේ දී වැටලීමක් සිදුකර සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන දැනට විදේශ ගතව සිටින කෙසෙල් වත්තේ ධනුක යන අයගේ සමීපතමයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන සිටි වේල්ල වීදිය, කොළඔ 12 ලිපිනයේ පදිංචි වයස අවුරුදු 33 වන මාලපැලැන්දගේ අජිත් එරංග පීරිස් යන අය අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයා ෆවාස් යන අයගේ මරණය සිදු කිරීම සදහා ආධාර අනුබල ලබා දීම සහ වෙනත් අයෙකුගේ ජාතික හැදුනුම්පතක් හා රියදුරු බලපත්‍රක් සන්තකයේ තබා ගෙන සිට ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කෙසෙල්වත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
නිවසේ උඩුමහලෙ ඉතා සුක්ෂම අයුරින් වගා කරන ලැබු ගංජා වගාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය හපුතලෙ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කලාප අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.පි.ජි.එස්. රත්තේපිටිය මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී ඩබ්.ඒ.සි.එස්. ද සිල්වා මහතාගේ මගපෙන්වීම යටතේ කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක ආර්.එම්.එල්.එස්. රාජපක්ෂ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (04) බණ්ඩාරවෙල පොලිස් වසමේ දොරකඩ ඇල්ල, ඉහළ කහත්තේවෙල, බණ්ඩාරවෙල ලිපිනයේ දී වැටලීමක් සිදුකර නිවසේ උඩුමහලෙ ඉතා සුක්ෂම අයුරින් වගා කරන ලද ගංජා වගාවක් සමග එම ලිපිනයේ පදිංචි වයස අවුරුදු 41 වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. අඩි 05ක් පමණ උසකින් යුත් ගංජා ශාඛ 14 සමග වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බණ්ඩාරවෙල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
පාතාලයේ අපරාධ රැසකට වගකිව යුතු පිස්තෝල අවියක් සමග මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයවූ කොතලාවල ලියනගේ හර්ෂ චතුරංග පෙරේරා නොහොත් (පෙතියාගොඩ සංඛ) සමග තවත් සාමාජිකයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ (බුද්ධි/විශේෂ මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය නාශක) සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ පොලිස් පරික්ෂක ඩබ්.එම්.කේ.එස්. ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (02) මුල්ලේරියාව පොලිස් වසමේ අංක 494/7/ඒ, N.T. පෙරේරා මාවත, මුල්ලේරියාව, නව නගරය ලිපිනයේ දී හා ඇහැලියගොඩ පොලිස් වසමේ කොළඹ රත්නපුර මාර්ගයේ ගල්පුස්සැල්ල වතුයාය, ඉදිරිපිට මාර්ගයේ දී සිදුකළ මෙහෙයුමක දී අත්අඩංගුවට ගැනීමක් සිදුකර මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ රැසක් මෙහෙය වූ මුල්ලේරියාව නව නගරය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 වන කොතලාවල ලියනගේ හර්ෂ චතුරංග පෙරේරා නොහොත් පෙතියාගොඩ සංඛ මුල්ලේරියාව පොලිස් වසමේ අංක 494/7/ඒ, N.T. පෙරේරා මාවත, මුල්ලේරියාව, නව නගරය ලිපිනයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් වැඩිදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වු කරුණු අනුව විදේශිය නිෂ්පාදිත පිස්තෝල අවියක් රත්නපුර ප්‍රදේශයේ පතල් කර්මාන්තයේ යෙදෙන පුද්ගලයකු හට සඟවා තබාගැනීම සදහා සැකකරු ලබා දී ඇත.
ඒ අනුව ලබා ගත් තොරතුරු අනුව මෙම පිස්තෝල අවිය සඟවා තබාගෙන සිටි පුද්ගලයා හා ඒ සදහා ආධාර අනුබල දුන් තවත් එක් පුද්ගලයකු ත්‍රිරෝද රථයකින් පැමිණෙමින් සිටිය දී විදේශීය රටක නිශ්පාදිත T54 වර්ගයේ පිස්තෝල අවියක්, එම අවියට යොදන මැගසිනයක්, මි.මී. 09 උණ්ඩ 05 ක් සහ ජංගම දුරකථන 02 ක් ද සන්තකයේ තබාගෙන සිටිය දී පැය 1530 ට කොළඹ-රත්නපුර මාර්ගයේ ගල්පුස්සැල්ල වතුයාය, ඉදිරිපිට මාර්ගයේ දී අත්අඩංගුවට ගෙන සැකකරුවන් තිදෙනාම ඇහැලියගොඩ පොලිස් ස්ථානය වෙත වැඩිදුර විමර්ශන කටයුතු සදහා භාර දී ඇත. අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා පරකඩුව ප්‍රදේශයේ පදිංචි 25 සහ 40 වයසේ පසුවන පුදුගලයන් වේ.
