29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedජනපති කුරුණෑගල රදගුරු හිමි බැහැදකී.

ජනපති කුරුණෑගල රදගුරු හිමි බැහැදකී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා රාජගුරු මණ්ඩලයේ සභාපති හා කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ රදගුරු තැන්පත් අතිඋතුම් ආචාර්ය හැරල්ඩ් ඇන්තනී පෙරේරා රාජගුරු ප්‍රසාදීන් වහන්සේ අතර හමුවක් අද (02) පස්වරුවේ සිදු විය.

කුරුණෑගල කතෝලික රදගුරු නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා රදගුරු හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසීමෙන් අනතුරුව කතෝලික ආගමික කටයුතු පිළිබඳව ද සාකච්ඡා කළේය.

කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ අනුනායක අතිගරු පියල් ජානක ප්‍රනාන්දු පූජා ප්‍රසාදීන් වහන්සේ සහ කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ භාණ්ඩාගාරික අතිගරු සාගර ප්‍රිශාන්ත පූජා ප්‍රසාදීන් වහන්සේ මෙම අවස්ථාවට එක්ව සිටී අතර හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ද ඊට සහභාගී විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments