22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්කොරියන් යන්න සමත් පිරිස් ගැන ඇමති සොයා බලයි

කොරියන් යන්න සමත් පිරිස් ගැන ඇමති සොයා බලයි

කොරියානු ජනරජයේ රැකියා අවස්ථා ලබාගැනීම සදහා වන විභාග වලට පෙනී සිට ඉන් සමත් වූ පිරිස, කොවිඩ් 19 වසංගතය හේතු කොට ගෙන විදේශ ගත කිරීම ප්‍රමාද වූ බැවින් එම පිරිස කොරියානු රැකියා සදහා පිටත්කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා හා අමාත්‍යාංශයේ ලේකම් සමග ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහල නිලධාරින් විසින් විශේෂ සාකච්ඡාවක් ඉකුත් (23) පැවැත්වූහ.

එහිදි රැකියාලාභීන් පිටත් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමටත්, කොරියාව විසින් එරටට ගෙන්වා ගන්නා ශ්‍රමිකයින්ගේ අනුමත ලැයිස්තුව ලැබීමෙන් පසු එම ශ්‍රමිකයින් සඳහා පිටත්වීමට පෙර ලබා ගතයුතු අනිවාර්ය PCR පරීක්ෂණ හා නිරෝධායන අවශ්‍යතාවයන් රජය විසින් සිදු කිරීම පිළිබඳ සාකච්ඡා කෙරිණි. 

 මෙම සාකච්ඡාවේ දී කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද සම්බන්ධ කරගත් අතර විභාගය සමත් අය සදහා කඩිනමින් රැකියා අවස්ථා ලබාගැනීමට සහ රටට ඇතුල්වීමේ අවසර ලබාගැනීම පිළිබදව කොරියානු නියෝජිතයින් සමග තවදුරටත් සාකච්ඡා කර වැඩසටහනක් සකස් කරන ලෙස අමාත්‍ය පියංකර ජයරත්න මහතා විශේෂ උපදෙස් ලබාදී තිබේ.

 ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කර්යාලය මේ මස 26 වන දින කොරියාවේ මානව සම්පත් සංවර්ධන ආයතනය සමග මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ. මෙම සාකච්ඡා ක්‍රියාමාර්ග තුලින් විභාගය සමත්ව කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ රැදිසිටින 5438ක් වන ලාංකික ශ්‍රමිකයින්ට රැකියා අවස්ථා  සඳහා පිටත් කර යැවීම කඩිනම් කිරීමට කාර්යාංශය බලාපොරොත්තු වේ. විභාගය සමත්ව වෙබි අඩවියෙහි රැදිසිටින පිරිසෙන් මේ වන විට 1111කට වීසා සදහා අවශ්‍ය ලේඛන ද ලැබී ඇති බව සාකච්ඡාවේ දී අනාවරණය කෙරිණි.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments