23.5 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්ආරක්ෂක පුවත්වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 400 ක තොගයක් යාපනය, කකරතිව් දූපතේදී  නාවික හමුදා...

වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 400 ක තොගයක් යාපනය, කකරතිව් දූපතේදී  නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කකරතිව් දූපතේඅද (20) උදෑසන සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම දූපතේ සූක්ෂම ලෙස වළ දමා තිබූ වෝටර් ජෙල් (Water Gel) නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 400 ක තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගරික පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් පසුවෙමින් සෝදසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනය මඟින් අද (2022 ඔක්තෝබර් 20) උදෑසන යාපනය, කකරතිව් දූපතේසිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම දූපතේ වළ දමා තිබූ සැක කටයුතු උරයක් පරික්‍ෂාවට ලක් කර, එම උරය තුළ සූක්ෂමව අසුරා තිබූ වෝටර් ජෙල් කූරූ 400 ක්  මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලදී.  

එමෙන්ම, උතුරු නාවික විධානය මඟින් කකරතිව් දූපතේ මීට පෙර 2022 ඔක්තෝබර් 05 සහ 07 යන දිනයන්හීදී සිදු කළ මෙහෙයුම් මඟින්ද එම දූපතේ සඟවා තිබු  වෝටර් ජෙල් කූරූ 706 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය සඳහා යොදා ගැනීමට මෙම වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය මෙලෙස කකරතිව් දූපතේසඟවා තබන්නට ඇතැයි විශ්වාස කරන අතර, එම වාණිජ පුපුරණ ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්‍ෂිතව තබා ඇත.  

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments