කොවිඩ්19 හෙවත් නව කොරෝනා වසංගතය නිසා කොළඹ නගරයේ අසරණවී සිටින පවුල් වෙනුවෙන් රුපියල් දෙදහස් පන්සීයක් වටිනා සහන මල්ලක් ලබාදීමට කොළඹ නගර සභාව තීරණය කර තිබේ. ඒ අනුව කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාව මෙම තීරණයට පැමිණි බව කොළඹ නගර සභාවේ ජ්‍යෙෂ්ඨ නාගරික මන්ත්‍රීවරයකු වන එල්.ආර්.ස්ටීවන් මහතා 'දිනමිණ' වෙත කියා සිටියේය. කොළඹ නගර සභාවේ සිටින මන්ත්‍රීවරු එකසිය දහනව දෙනා තම කොට්ඨාසයේ සිටින මෙම වසංගත තත්ත්වය මත අසරණවී සිටින පවුල්වල නාම ලේඛනයක් සකස් කොට ඉදිරිපත් කළ යුතුවේ. මෙම ආධාර ලබාදීමේදි ප්‍රමුඛත්වය කොළඹ නගරයේ හුදෙකලා කර තිබෙන ප්‍රදේශවලට ලබාදෙන අතර ඉන්පසුව අනෙක් ප්‍රදේශවල අසරණවු ජනතාවට ලබාදෙන බවද ඒ මහතා වැඩිදුරටත් කීය.
කොවිඩ් නිසා අසරණ කොළඹ පවුල් වෙනුවෙන් සහන මල්ලක්
RELATED ARTICLES