29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශීය නිපැයුමක් තම සේවකයින්ට අවුරුදු ත්‍යාගයක් ලෙස ලබාදෙන්න

දේශීය නිපැයුමක් තම සේවකයින්ට අවුරුදු ත්‍යාගයක් ලෙස ලබාදෙන්න

දේශීය කර්මාන්ත කරුවන්ට ශක්තියක් වෙන්න, “MAS” ආයතනය මෙන් අනෙකුත් ආයතන වලටත් මම ආරාධනා කරනවා දේශීය නිපැයුමක් තම සේවකයින්ට අවුරුදු ත්‍යාගයක් ලෙස ලබාදෙන්න යැයි වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යා ප්‍රසන්න රණවීර මහතා ප්‍රකාශ කරයි. 

ඒ මහතා මේබව සඳහන් කළේ ඉකුත් (23)
වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ “MAS Intimates(PVT)Ltd.” ආයතනය අතර පසුගිය ඔක්තෝබර් මස 05 වන දින අත්සන් කල අවබෝධතා ගිවිසුමට අනුව එහි ප්‍රථම ඇණවුම රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබාදීමට එක්වෙමින්ය. මෙහිදි පළමු භාණ්ඩ “MAS Intimates(PVT)Ltd.” ආයතනයේ නිෂ්පාදන සහ මෙහෙයුම් අධ්‍යක්ෂක රුවන් කෑරගල මහතා වෙත  බියගම මැටි ගම්මානයේදී භාරදීම  සිදුකෙරිණි.

මෙහිදි මාධ්‍ය වෙත අදහස් දැක්වු රාජ්‍ය ඇමැති වරයා මෙසේද කීය..........ප්‍රථමයෙන්ම MAS ආයතනයට ස්තූතිවන්ත වනවා අපගේ අමාත්‍යාංශයත් සමග එක්ව මිලියන 45 ක මුදලක් දේශිය කර්මාන්ත කරුවා ශත්තිමත් කිරීම වෙනුවෙන් යෙදවීම පිළිබදව. නිලවශයෙන් ප්‍රථම ඇණවුම ලෙස ගුරුලේන්තු 3500 ක ප්‍රමාණයක් අද අපට ලබාදීමට හැකිවනවා. මුළු ඇණවුම ගුරුලේන්තු 36000 වන අතර, එම නිෂ්පාදන ක්‍රියාවලියට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම, පවුල් 300 ක දායකත්වයෙන් 2021 ජනවාරි 01 වන දිනට ප්‍රථම ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. ආනයන ආදේශක භාණ්ඩ නිෂ්පාදනය තුලින් විදේශයන් වෙත ඇදී යන අපේ මුදල් ටික ආරක්ෂා කිරීමට හැකි වනවා සේම දේශිය කර්මාන්ත කරුවාද ශක්තිමත් කිරීමට හැකිවනවා. “MAS Intimates” ආයතනය ආදර්ශයට ගෙන අනෙකුත් ආයතන වලටත් මම ආරාධනා කරනවා. රටේ දේශීය කර්මාන්තකරුවන්ට ශක්තියක් වෙන්න.  

 ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මැටි කර්මාන්තය පමණක් නොව පිත්තල කර්මාන්තය, වේවැල් කර්මාන්තය මෙන්ම අනෙකුත් සියලුම ග්‍රාමීය කර්මාන්ත දියුණු කිරීම වෙනුවෙන් ආනයනික ආදේශක භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලිය සදහා අප අවශ්‍ය මූලික සැලසුම් සකස්කොට තිබෙනවා, ඒ සදහා මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන්කර තිබෙනවා. 

මෙම අවස්ථාවට සහභාගී වූ “MAS Intimates(PVT)Ltd.” ආයතනයේ නිෂ්පාදන සහ මෙහෙයුම් අධ්‍යක්ෂක රුවන් කෑරගල මහතා කියා සිටියේ......රණවීර රාජ්‍ය  අමාත්‍යවරයා  හරියටම මීට සති 07 ට පෙර අප හට දුරකථන ඇමතුමක් ලබාදුන්නා. ඒ අනුව එයින් සති 06ක් ඇතුලත අවබෝධතා ගිවිසුමත් අත්සන් කොට, මෙතරම් ඉක්මනට ඇණවුම ලැබේවි යැයි තමන් කිසි ලෙසකත් බලාපොරොත්තු නොවූ බවත්, පෞද්ගලික අංශයේ විධායක නිලධාරියෙක් ලෙස රාජ්‍ය ආයතනයකින් ඉතා කෙටි කලකින් අදාල කාර්යන් සිදුකිරීම සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමා හටත් අමාත්‍යාංශ නිලධාරීන්ටත් ස්තූතිය පුදකල යුතුයි. ඒ වගේම අප සතුටු වෙනවා ශ්‍රී ලාංකීය ආයතනයක් වශයෙන් කුඩා කර්මාන්ත නගාසිටුවීමට වෙහෙසෙන අමාත්‍යතුමාටත් අමාත්‍යාංශයටත් ආරම්භයක් ලබාදීමට හැකිවීම පිළිබදව, එමෙන්ම වෙනත් ආයතනත් මේ හා සම්බන්ධ වේවි කියා අප බලාපොරොත්තු වනවා.
 ආයතනයේ සේවය කරනු ලබන සාමාජිකයින් 36000ක් සදහා නව අවුරුදු තිළිණයක් ලෙස 2021 ජනවාරි 01 වන දිනට ලබාදීමට කටයුතු යොදා ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

 තමන් හට වසර 20න් මෙවැනි ඇණවුමක් ලැබී නොමැති බව බියගම මැටි ගම්මානයේ කර්මාන්ත කරුවන් මෙහිදි ප්‍රකාශකර සිටිහ.

මෙම අවස්ථාවට අමාත්‍යාංශය වෙනුවෙන් අධ්‍යක්ෂක සංවර්ධන, ඒ. එම්. ආරිෆ් මහතා, “MAS Intimates(PVT)Ltd.” ආයතනයේ මානව සම්පත් අධ්‍යක්ෂක ඩිනාල් පීරිස් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ මැටිකර්මාන්ත කරුවන් රැසක්ද සහභාගී වූහ.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments