22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීතිවිරෝධි මත්ද්‍රව්‍ය සහ දැව ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය සහ දැව ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

දීර්ඝ කලක් සිට හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි අයෙක් මට්ටක්කුලිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී තුමාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී එච්.එම්. කීර්ති විජේසිංහ මහතාගේ මගපෙන්වීම මත විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එස්.පී. ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (29) මට්ටක්කුලිය පොලිස් වසමේ සමිත්පුර, මට්ටක්කුලිය, ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ජාවාරම් කිරීම සදහා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04, මිලි ග්‍රෑම් 180, ක්, ජාවාරාමෙන් උපයා ගන්නා ලද මුදල් රුපියල් 53,300 ක් සමග සමිත්පුර, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මහා පරිමාණයෙන් බලපත්‍ර නොමැතිව තෙක්ක දැව තොගයක් ටිපර් රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය මහඔය කඳවුරේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී තුමාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී කේ.ජී. නලින් පෙරේරා මහතාගේ මගපෙන්වීම මත විශේෂ කාර්ය බලකාය මහඔය කඳවුරේ පොලිස් පරීක්ෂක ඒ.එම්.සී.බී. අත්තනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (29) පදියතලාව පොලිස් වසමේ අරලුපිටිය ප්‍රදේශයේදී වැටලීමක් සිදු කර බලපත්‍ර නොමැතිව තෙක්ක දැව කඳන් ටිපර් රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටි වයස අවුරුදු 32 වන දම්ඹරාව, මහියංගනය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු තේක්ක දැව කඳන් 48 ක් සහ එම ටිපර් රථය සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සේරංකඩ අඩවි වන කාර්යාලය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments