ශ්‍රී ලංකා බොක්සිං සංගමය මගින් සංවිධානය කරනු ලැබූ අන්තර් මාධ්‍ය බොක්සිං තරගාවලිය 2022.10.05 සිට 08 කොළඹ රාජකීය විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පවත්වන ලදී.
ඒ අනුව මෙම තරගාවලිය සඳහා දිවයින පුරා විහිදී ඇති ක්‍රීඩා සංගම් 15 ක පමණ ප්‍රමාණයකින් ක්‍රීඩක/ක්‍රීඩිකාවන් 130 ක් පමණ සහභාගී වූ අතර ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් ක්‍රීඩක /ක්‍රීඩිකාවන් 24 දෙනකු තරගාවලිය සදහා සහභාගී විය. මෙහිදි පොලිස් විශේෂ කාර්ය බලකාය නියෝජනය කරමින් කි.ග්‍රැ.92 + බර පංතිය නියෝජනය කල උ.පො.ප. පී.බී.එමි.ඩී.එල්. වනිගසේකර රන් පදක්කම දිනා ගත් අතර විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල් 25297 බංඩාර. කි.ග්‍රෑ. 92 බර පන්තියේ රන් පදක්කමද පොලිස් කොස්තාපල් 23229 මධුභාෂණ කි.ග්‍රු 57බර පංතියෙ ලෝකඩ පදක්කමද හිමිකර ගන්නා ලදි. පොලිස් පරීක්ෂක සමීර කරුණාරත්න ප්‍රධාන පුහුණු කරු ලෙස ක්‍රියා කල අතර විශේෂ කාර්ය බලකායෙ අනදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස් පති,නීතීඥ වරැණ ජයසුන්දර මහතා ගෙ සෘජු අධික්ෂනය යටතේ මෙම ක්‍රීඩකයින් පොලිස් විශේෂ කාර්ය බලකාය නියෝජනය කිරීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලදි. මෙ අවස්ථාව සදහා විශේෂ කාර්ය බලකායෙ ක්‍රීඩා අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි ලක්ෂ්මන් අබෙිකෝන් මහතාද,ජාත්‍යන්තර තලයෙ බොක්සිං පුහුණු කරු සහ ක්‍රීඩක සහකාර පොලිස් අධිකාරි අරුණ කටුගමිපල මහතාද කාන්තා සහකාර පොලිස් අධිකාරි නිරෝෂා කුමාරි මහත්මියද සහභාගී වූහ.