24.6 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්ඖෂධ හිඟය ගැන සාකච්ඡා සාර්ථක නැහැ. රජය අනිවාර්යෙන් මැදිහත්විය යුතුයි.

ඖෂධ හිඟය ගැන සාකච්ඡා සාර්ථක නැහැ. රජය අනිවාර්යෙන් මැදිහත්විය යුතුයි.

මේ වන විට රට තුළ ඇති රෝහල් පද්ධතියේ සියලු රෝහල් ඖෂධ හිගය නිසා විශාල බිඳ වැටීමට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියා. මෙහිදී ඔවුන් අවධාරණය කළේ රජයේ ප්‍රධානතම රෝහල වන කොළඹ ජාතික රෝහලේ ද දැඩි ඖෂධයකට ලක්ව ඇති බවයි. නිර්වින්දන ඖෂධ ඇතුලු ඖෂධ නැතිකම හේතුවෙන් සැත්කම් කිරීමට පවා නොහැකි තත්වයට පත්ව ඇති බව ඔවුන් අවධාරණය කරයි. සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවලින් පවා කිසිදු ඵලදායිතාවක් නොවූ බව ඔවුන් කියා සිටී. ඔවුන් විසින් ලබාදුන් යෝජනාවලිය පවා මේ වන විට ක්‍රියාත්මක නොවන බවත් එම නිසා ඉදිරියේදී සියලු රෝහල් අකර්මණ්‍ය විය හැකි බවත් ඒ නිසා මේ සම්බන්ධයෙන් රජය කඩිනමින් මැදිහත් විය යුතු බවත් අවධාරණය කරයි. හෘද රෝගීන් සඳහා ලබාදෙන ඇස්ප්‍රීන් පෙත්ත පවා පිටත ඖෂධ හල් වලින් ලබා ගැනීමට රෝගීන්ට සිදුවීම නිසා ඔවුන් බලවත් අපහසුතාවන්ට ලක් ව ඇත. පිටත ඖෂධ හල්වල ද මිල නියාමනයක් නොමැතිකම හේතුවෙන් ඖෂධ හිතූ හිතූ මිලගණන් වලට විකිණීමට ඔවුන් පෙළඹී ඇත.

එමෙන්ම රජය විසින් නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තුළින් වෘත්තිකයින් තවදුරටත් මෙරට තුළ ජීවත් වීම අතහැර වෙනත් රටවල්වලට යෑම තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මෙන්ම වෙනත් ක්ෂේත්‍ර තුළද දැඩි කඩාවැටීමකට ලක් විය හැකි බව ඔවුන් අවධාරණය කරයි. එමෙන්ම මේ පරාජය කිරීම සඳහා සියලු වෘත්තිය සමිති සමඟ එක්ව දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමටත් දේශපාලන අධිකාරිය දැනුවත් කොට ඔවුන් සමග එක්ව ඉදිරි කටයුතු කිරීමටත් නෛතික ක්‍රියාමාර්ග ගැනීමටත් සූදානම් බව ඔවුන් ප්‍රකාශ කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments