ආදි ගන්කන්ද 92 කන්ඩායමේ තුන් අවුරුදු සැලැස්මට අනුව අප පාසැලේ බැඩ්මින්ටන් ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ වැඩසටහනේ බැඩ්මින්ටන් ක්‍රීඩා කරන දරුවන්ගේ දෙමව්පිය සාකච්ඡාවක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත්දින පැවැත්වූණි. මේ සඳහා 60කට ආසන්න දෙමව්පියෝ සහභාගී වූහ. මෙහිදී දෙමව්පියන් අතරින් නිලධාරී මඩුල්ලක් පත්කරගැනීම, ගැටලු සාලකච්ඡා කිරීම, ක්‍රීඩාව සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයාගැනීම, ඉදිරි සැලසුම් පිලිබඳ සාකච්ඡාවක් සිදුවුණි
සියලු දෙමව්පියන් පාසැල සහ ආදි සිසුන් දියත් කරන වැඩපිලිවෙලට උපරිම සහයෝගය ලබාදෙන බවට මෙහිදි තීරණයවූහ. ගන්කන්ද බැඩ්මින්ටන් ක්‍රීඩාව වෙනුවෙන් අයේශ් ගුරුවරයා සහ දන්ගල්ල පුහුනුකරු දක්වන කැපවීම, නායකත්වය මෙන්ම 92 කණ්ඩායමේ සහ සහයෝගය ලබාදෙන ව්‍යාපාරික ප්‍රජාව මෙහිදී සියලු දෙමව්පියන්ගේ ඇගයීමට ලක්වූහ.