21.4 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්police newsදොස්තර සුද්දා සහ මේනකගේ ප්‍රධාන ගෝලයෙකු හෙරොයින් සමග එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

දොස්තර සුද්දා සහ මේනකගේ ප්‍රධාන ගෝලයෙකු හෙරොයින් සමග එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

ජේලර් ඝාතනයේ සැකකරැවෙකු වන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ කරුවන් වන දොස්තර සුද්දා සහ මේනකගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂයක් පමණ වටිනා හෙරොයින් විෂ මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ‌තිබේ.

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුමි/ මත්ද්‍රව්‍ය නාශක) සාගර කුලසේකර මහතාගේ සෘජු අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක වයි.එස්. සුරවීර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (31) හික්කඩුව පොලිස් වසමේ අංක 852, ගාලුපාර, ටිරානගම, හික්කඩුව ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ලක්ෂයක් පමණ වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07 මිලි ග්‍රෑම් 100 ක් ජාවරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි ගාලුපාර, ටිරානගම, හික්කඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හික්කඩුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. සැකකරුගෙන් වැඩිදුරටත් සිදුකල ප්‍රශ්න කිරීමේදී මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වන දොස්තර සුද්දා සහ මේනක නැමැති අයවළුන්ගේ අනුගාමිකයෙකු වන අතර මෙම සැකකරු 2019.08.03 වන දින අම්බලන්ගොඩ කුලීගොඩ හංදියේදී වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ තිළින රුවන් තිහාර ජයරත්න යන ජේලර්වරයා ඝාතනය කිරීම සම්බන්ධ සැකකරුවෙකු බවට කරුණු අනාවරණය කරගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments