ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයට අනුයුක්ත ව විදේශයේ සිට මෙරටට තැපැල්
මගින් එවන පාර්සල් පරීක්ෂා කිරීමේ රාජකාරියේ නියැලෙමින් සිටි සහකාර රේගු අධිකාරී මහතාට ඇතිවූ සැකය මත විදේශ තැපැල් පාර්සලයක් විශේෂ පරීක්ෂාවකට ලක් කරනු ලැබීමේිදි එම පාර්සලය කාඩ්බෝඩ් වලින් සාදනු ලැබු පෙට්ටියකින් සමන්විත වූ අතර එය ජර්මනියේ සිට අංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වෙත ඒවා තිබුණි. මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබු ලේඛනවල එහි පුද්ගලික භාණ්ඩ අඩංගු බවට සඳහන් වී ඇත.
එසේ පරික්ෂා කිරීමේ දී එම කාඩ්බෝඩ් පෙට්ටියේ බිත්ති අතර ඉතා සූක්ෂ්ම ලෙස අසුරා තිබුණ මෙතෆෙටමින් නමැති මත් ද්‍රව්‍ය පෙති තොගයක් සොයා ගැනීමට හැකිවිය. එම මත් පෙති තොගයේ බර ග්‍රෑම් 2387 ක් වූ මත් පෙති 4956 ක් තිබුණ අතර ශ්‍රී ලංකා රේගුවේ මත් ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් ඒවා පරික්ෂා කිරීමෙන් අනතුරුව එහි වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 49.56 කට තක්සේරු කරනු ලැබිණි. මේ පිලිබද මුලික විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා නඩු භාණ්ඩ ශ්‍රී ලංකා පොලිසියේ මත් ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් හට භාර දී තිබේ.