29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කොළඹ පිහිටි ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති කාර්යාලය නීකුත් කර තිබෙන විශේෂ නිවේදනයක්.

කොළඹ පිහිටි ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති කාර්යාලය නීකුත් කර තිබෙන විශේෂ නිවේදනයක්.

යුක්රේන ගැටුමේ භාවිතා කිරීම සඳහා ඉරානය විසින් මිනිසුන් රහිත ගුවන් යානා විකුණා ඇති බවට එල්ල වී ඇති පදනම් විරහිත අසත්‍ය චෝදනාව සම්බන්ධයෙනන් කොළඹ පිහිටි ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති කාර්යාලය මෙම නිවේදනය නිකුත් කර සිටියි.

යුක්රේන ගැටුමේදී භාවිතා කිරීම සඳහා මිනිසුන් රහිත ගුවන් යානා විකුණා ඇති බවට පදනම් විරහිත සහ අසත්‍ය ලෙස කෙරෙන ප්‍රකාශ ඉරාන ඉස්ලාමීය ජනරජය තරයේ ප්‍රතික්ෂේප කරන අතර දැඩි ලෙස හෙළා දකී. තනිකරම ව්‍යාජ ප්‍රදර්ශන සහ ගොතන ලද උපකල්පන මත පදනම් වූ එවැනි පදනම් විරහිත ප්‍රකාශ, ඉරානයට එරෙහි දේශපාලන න්‍යාය පත්‍රය සඳහා ප්‍රචාරක උපකරණයකට වඩා වැඩි දෙයක් නොවේ. මේ සම්බන්ධයෙන්, , යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් එහි සාධනීය ප්‍රවේශයට අනුකූලව, ඉරානයට එල්ල කර ඇති පදනම් විරහිත චෝදනා පැහැදිලි කිරීම සඳහා ඒකාබද්ධ තාක්ෂණික සහ විශේෂඥ සහයෝගීතාවයේ සාධනීය ලෙස නිරත වීමට ඉරාන ඉස්ලාමීය ජනරජයේ රජය සද්භාවයෙන් සූදානමින් සිටී.

යුක්රේනයේ අර්බුදයේ ආරම්භයේ සිටම, ඉරාන ඉස්ලාමීය ජනරජය පැහැදිලි සහ නොසැලෙන ස්ථාවරයක් ගෙන ඇති අතර, ස්වෛරීභාවය, ස්වාධීනත්වය, සමගිය සහ භෞමික අඛණ්ඩතාව ඇතුළුව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මෙන්ම ජාත්‍යන්තර නීතියේ දක්වා ඇති අරමුණු සහ මූලධර්මවලට එක්සත් ජාතීන්ගේ සියලුම සාමාජික රටවල් සම්පුර්ණයෙන්ම ගරු කළ යුතු බව අවධාරණය කරයි. බලෙන් පනවන ලද යුද්ධයක් නිසා ඇති වූ විනාශයට මුහුණ දුන් සහ පීඩාවට පත් වූ රටක් ලෙස ඉරාන ඉස්ලාමීය ජනරජය ලෝකයේ ඕනෑම තැනක ගැටුමකට හෝ යුද්ධයකට විරුද්ධ වේ.

ඉරාන ඉස්ලාමීය ජනරජය යුක්රේනයේ සාමයට සහ ගැටුම් නිමා කිරීමට නිරතුරුව සහයෝගය ලබා දී ඇති අතර, සංයමයෙන් යුතුව කටයුතු කරන ලෙසත්, උත්සන්න වන ආතතීන් වළක්වා ගැනීමත්, තත්වයේ මූලික හේතු විසඳීමට සහ ඔවුන්ගේ ආරවුල් සාමකාමී මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා අර්ථවත් ක්‍රියාවලියක නිරත වන ලෙසත් පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය. ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ ඔවුන්ගේ වගවීමට බැඳී සිටින ලෙසත්, සිවිල් වැසියන් සහ තීරණාත්මක යටිතල පහසුකම් මිලිටරි ඉලක්ක හෝ ප්‍රහාරවලින් ආරක්ෂා කිරීම සඳහා උපදේශන පවත්වන ලෙසත් එය පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම ගැටුමට සාමකාමී විසඳුමක් සෙවීමට එක්සත් ජාතීන්ගේ අඛණ්ඩ උත්සාහයන්ට ඉරාන ඉස්ලාමීය ජනරජය සහාය දක්වයි. යුක්රේන ගැටුමට දේශපාලන විසඳුමක් සඳහා වගකිවයුතු සහ ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වාස්තවිකත්වය සහ අපක්ෂපාතීත්වය පවත්වා ගත යුතුය. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැටුම තීව්‍ර කිරීමට සහ ගැටුම උග්‍ර කිරීමට පිටිවහල් නොවී තත්වය ලිහිල් කිරීමට සහ ගැටුම විසඳීමට සැබවින්ම හිතකර විය යුතුය.

ඉරාන ඉස්ලාමීය ජනරජය, මෙම අර්බුදය සාමකාමීව විසඳීමට උපකාර කිරීම සඳහා සිය නිර්මාණාත්මක මැදිහත්වීම දිගටම කරගෙන යනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments