ඉංදියාවෙ සිට රැගෙන විත් අරියාල නැගෙනහිර කලපු වෙරළ තීරයේ සඟවා තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමක් ඇති කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 83.336 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරින්ට යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ඩී.ඩී.කේ හෙට්ටිආරච්චි මහතා මහතාගේ මග පෙන්වීම හා සහකාර පොලිස් අධිකාරී ඩී.පී.යු. කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ පොලිස් පරීක්ෂක එම්.ඩී.ටී. මඩපාත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (08) යාපනය පොලිස් වසමේ අරියාල නැගෙනහිර කලපු වෙරළ තීරයේ දී වැටලීම් සිදුකර කාලාන්තරයක් තිස්සේ ඉංදියාවෙ සිට ඉතාම රහසිගතව මෙරටට ගෙන්වා නැගෙනහිර අරියාල මුහුදු තීරයේ සගවා තිබු කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 83 ග්‍රෑමි 336 ක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දෙමටගොඩ රුවන්ගේ ගෝලයකු රුපියල් ලක්ෂ 12 කට අධික වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුමි/ මත්ද්‍රව්‍ය නාශක) සාගර කුලසේකර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතාගේ මෙහෙයවීම පරිදි පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.පී.බී. රාජනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (08) දෙමටගෙඩ පොලිස් වසමේ දෙමටගොඩ, මිහිදුසෙන්පුර, A මහල් නිවාස සංකීර්ණයේ පිටුපස මංසන්දියේ දී වැටලීමක් සිදුකර රුපියල් ලක්ෂ 12 පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 මිලි ග්‍රෑම් 630 ක් සහ ජංගම දුරකථනයක් සන්තකයේ තබාගෙන සිටි කැළණිවැලි, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙමටගෙඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. සැකකරුගෙන් වැඩිදුරටත් සිදුකල ප්‍රශ්න කිරීමේදී මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සිරිනායක පතිරනලාගේ රුවන් චමිල ප්‍රසන්න නොහොත් දෙමටගොඩ රුවන් නැමත්තා සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට තොරතුරු අනාවරණය වී ඇත.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වැල්ලේ සුරංග නැමති පුද්ගලයාගේ ගෝලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ජාවරම් කරමින් සිටියදී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ (බුද්ධි/විශේෂ මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය නාශක) සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම යටතේ බුද්ධි කොට්ඨාශයේ පොලිස් පරික්ෂක ආර්.එම්.ඒ.පී.බී. රාජනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (07) වැල්ලම්පිටිය පොලිස් වසමේ අංක 21, පන්සල්හේන, වැල්ලම්පිටිය ලිපිනයේ දී වැටලීමක් සිදු කර ජාවරම් කිරීම සඳහා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 60, මිලි ග්‍රෑම් 440 ක් හා මුදලින් රුපියල් 150,250.00 ක් සන්තකයේ තබාගෙන සිටි සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වැල්ලේ සුරංග නැමති පුද්ගලයා සමඟ සමීප සම්බන්ධතා පවත්වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.