22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්කොළඹ නාවික මහ රෝහල වෙතින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨය වෙත...

කොළඹ නාවික මහ රෝහල වෙතින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨය වෙත රසායනාගාර සහ සායනික අධ්‍යයන පහසුකම් ලබා දෙයි

කොළඹ නාවික මහ රෝහල වෙතින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ දන්ත වෛද්‍ය උපාධි අපේක්‍ෂකයින් සඳහා රසායනාගාර සහ සායනික අධ්‍යයන පහසුකම් ලබාදීම ආරම්භ කිරීම සනිටුහන් කරමින් සංවිධානය කරන ලද හුරුකරවීමේ වැඩසටහනක් 2022 ඔක්තෝබර් මස 28 වන දින කොළඹ නාවික මහ රෝහලේදී පැවැත්විණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් පිහිටුවන ලද දන්ත වෛද්‍ය පීඨයේ දන්ත වෛද්‍ය උපාධි අපේක්‍ෂකයින් සඳහා රසායනාගාර සහ සායනික පුහුණුව සඳහා පහසුකම් ලබාදීම වෙනුවෙන්, නව සායනික ගොඩනැගිල්ලක් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අතිවිශාල මුදල් ප්‍රමාණයක් වැයවන බැවින්, කොළඹ නාවික මහ රෝහලෙහි ස්ථාපිත දන්ත වෛද්‍ය දෙපාර්තමේන්තුව මඟින් එම පහසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපති විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතින්  ඉල්ලීමක් සිදුකරන ලදී.

ඒ අනුව, මෙම ඉල්ලීම  ජාතික අවශ්‍යතාවයක් සේ සලකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, ආරක්‍ෂක අමාත්‍යංශයේ පූර්ණ අනුමැතිය සහිතව, අපේක්‍ෂිත සායනික පහසුකම් කොළඹ නාවික මහා රෝහල වෙතින් ලබාදීමට කටයුතු සංවිධානය කරන ලද අතර, 2022 ඔක්තෝබර් මස 28 වන දින කොළඹ නාවික හමුදා මහ රෝහලේදී සංවිධානය කරන ලද මෙම හුරුකරවීමේ වැඩසටහන සඳහා ශිෂ්‍යභට නිලධාරීන් දෙදෙනෙක් (02) ඇතුළුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ, දන්ත වෛද්‍ය උපාධි අපේක්‍ෂකයින් තිස් දෙදෙනෙකු (32) සහභාගී විය. ජාතික විශ්ව විද්‍යාලයක් සදහා කොළඹ නාවික මහ රෝහල වෙතින් මෙලෙස රසායනාගාර සහ සායනික පුහුණුව ලබා දීම මඟින්, ජාතික විශ්ව විද්‍යාල සහ හමුදා රෝහල් අතර සහයෝගීතාවය ශක්තිමත් කිරීමටද  අවස්ථාව උදාවනු ඇත. 

තවද, මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ නාවික දන්ත වෛද්‍ය සේවා, වෛද්‍ය කොමදෝරු ආර්පීඑන්එන් විජේදෝරු, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ දන්ත සංරක්‍ෂණවේද දෙපාර්තමේන්තුවේ ප්‍රධානී, වෛද්‍ය කොමදෝරු විශේෂඥ වෛද්‍ය (දන්ත සංරක්‍ෂණවේදය) අයිඩබ්ඒපීඩී පලිපාන, කපිතාන් වෛද්‍ය දෙපාර්තමේන්තුව (බටහිර) වෛද්‍ය කපිතාන් විශේෂඥ වෛද්‍ය (වෛද්‍ය පරිපාලන) එම් විජේනායක, ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී (දන්ත සංරක්‍ෂණවේදය) සමුදී සත්සර කළුබෝවිල, කපිතාන් දන්ත වෛද්‍ය දෙපාර්තමේන්තුව (බටහිර) වෛද්‍ය කපිතාන් සීකේඑම්එස් බංඩාර, දන්ත වෛද්‍ය නිලධාරී වෛද්‍ය ලුතිනන් කොමාණ්ඩර් කේඒඑන්කේ කරුණාරත්න සහ දන්ත වෛද්‍ය නිලධාරී වෛද්‍ය ලුතිනන් කොමාණ්ඩර් ඩබ්එච්එම්සීයූ වෛද්‍යරත්න ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments