29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsපුරාවිද්‍යා ජාවාරමුන් හා අපරාධ සඳහා යොදාගන්නා වාහනවලට අංක තහඩු සකස් කිරීමේ ජාවාරමක්...

පුරාවිද්‍යා ජාවාරමුන් හා අපරාධ සඳහා යොදාගන්නා වාහනවලට අංක තහඩු සකස් කිරීමේ ජාවාරමක් එස්.ටී.එෆ්. සොයාගනී.

මිලකල නොහැකි පුරාවිද්‍යත්මක නටඹුන් විනාශ කරමින් කැණිම් සිදු කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හා කලාප අණදෙන නිලධාරී අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර්.ජි.එස්. විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී කේ.ජි.එන්. පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ විශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ කඳවුර අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. චන්දන කුමාර පියසේන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.11.18 වන දින උහන පොලිස් වසමේ බොක්කබැද්ද හා ලාතුගල යන ගම්මාන අතර වම් පසින් පිහිටි ගල්ඔරුව කන්ද ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර නීති විරෝධීව රක්ෂිතයට ඇතුල් වි පුරාවිද්‍යා වටිනාකමකින් යුත් භාණ්ඩ සෙවිමේ අරමුණින් මිලකල නොහැකි පුරාවිද්‍යත්මක නටඹුන් විනාශ කරමින් කැණිම් සිදු කරමින් සිටි වයස අවුරුදු 52, 48, 52, 54 ක් වන කොස්ගම, රුවන්වැල්ල, හංවැල්ල ප්‍රදේශ වල පදිංචි පුද්ගලයින් සිව් දෙනෙකු මහත් පරිශ්‍රමයක් යොදා අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයින් සමග හෑමර් වර්ගයේ විදින යන්ත්‍ර, ග්‍රිල් කටු, යකඩ කුළු ගෙඩි, ගල් විදින යකඩ කටු ඇතුළු ප්‍රජා භාණ්ඩ සමග වැඩිදුර විමර්ශන කටයුතු සඳහා උහන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

දිගු කලෙක පටන් අපරාධ සඳහා යොදාගන්නා ලබන සැකකරන වාහන සඳහා මෝටර් රථ දෙපාර්තුමේන්තුවෙන් නිකුත් කරනු ලබන වාහන අංක තහඩු වලට සමාන ව්‍යාජ අංක තහඩු සකස් කල පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය 11 හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හා සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය නාශක) ඩී.එස්. කුලසේකර මහතාගේ මෙහෙයවීම යටතේ විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය 11 හි උප පොලිස් පරීක්ෂක එස්.කේ. කාහිංගල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සීදුව පොලිස් වසමේ මීගමුව පාර, සීදුව ලිපිනයේ පිහිටි DR ENTERPRISES ඩිජිටල් ප්‍රින්ටින් ආයත‍නයේ දී වැටලීමක් සිදුකර අපරාධ සඳහා යොදාගන්නා බවට සැකකරනු ලබන නීත්‍යානුකූල ලියවිල්ලක් හෝ බලපත්‍රයක් නොමැතිව මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන වාහන අංක තහඩු වලට සමාන මුදලට විකිනීම සඳහා සකස් කරන ලද ව්‍යාජ අංක තහඩු සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 57 ක් වන සීදුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ව්‍යාජ අංක තහඩු 19, පරිඝණක යන්ත්‍රයක් සහ ව්‍යාජ අංක තහඩු සැදීමට යොදාගන්නා හිස් අංක තහඩු /ස්ටිකර් /රාජ්‍ය ලාංඡන සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සීදුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments