22.7 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්"වෙනසකට මගක්" "Pathway to Change"  - පාඨමාලාව සාර්ථකව අවසන්

“වෙනසකට මගක්” “Pathway to Change”  – පාඨමාලාව සාර්ථකව අවසන්

පැෆ්රල් සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ කාන්තා නියෝජනය  ගුණාත්මකව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් 2022 ජනවාරි මස 19 වන දින ගරු කථානායක තුමන්ගේ ප්‍රධානත්වයෙන් වෙනසකට මගක් නමින් පාඨමාලාවක් ආරම්භ කරන ලදි. මේ සඳහා සිංහල සහ දෙමළ භාෂා මාධ්‍යයන්ගෙන් දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි කාන්තා නායිකාවන් 100 දෙනෙක් තෝරා ගන්නා ලදි.

ඉන්පසුව මෙම කාන්තා නායිකාවන් සඳහා මාස 10 ක පුහුණුවීම් සිදුකළ අතර, එහිදී දේශපාලන මූලධර්ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රම, තාක්ෂණය හා මාධ්‍ය භාවිතය, නායකත්වය, පෞරුෂ වර්ධනය, ව්‍යාපෘති සැලසුම්කරණය, පළාත් පාලන නීති වැනි විෂයයන් පිළිබඳව න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව විෂය දැනුම ලබාදුන් අතර, මැතිවරණයක් ප්‍රායෝගිකව සිදුවන ආකාරය, පාර්ලිමේන්තුවේ කාර්යභාරය, විශ්ව විද්‍යාලයක ඉගෙනුම් කටයුතු සිදුවන ආකාරය වැනි කරුණු පිළිබඳව එම ස්ථානවලදීම ප්‍රායෝගික අවබෝධයක් ලබාදෙන ලදි.

මීට අමතරව ව්‍යාපෘතියක් සකස් කර ගන්නා ආකාරය සහ එක් එක් දිස්ත්‍රික්කයේ කාන්තා නායිකාවන් එක්වී එම ව්‍යාපෘති ප්‍රායෝගිකව සිදු කිරීමට අවබෝධය ලබාදීම මෙම පාඨමාලාව තුළ සිදුවිය. ඒ අනුව කාන්තා නායිකාවන් විසින් තනි තනිවත්, දිස්ත්‍රික්ක ව්‍යාපෘති තුළිනුත් තමන් උගත් දැනුම ප්‍රායෝගිකව  ක්‍රියාත්මක කර සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගන්නා  ලදි. දිස්ත්‍රික්ක ව්‍යාපෘතිවල විශේෂත්වය වන්නේ විවිධ දේශපාලන පක්ෂ සහ මතවාද ඉවතලා  ඔවුන්  සමාජ යහපත වෙනුවෙන් එක් රැස් වීමයි.

මෙසේ පුහුණුව අවසන් කළ මෙම කාන්තා නායිකාවන් පිරිසට ශ්‍රී ලංකාවේ හතරවන විධායක ජනාධිපතිනිය වූ ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහතික පත් ප්‍රදානය කිරීමේ උළෙල 2022 නොවැම්බර් මස 24 වන දින ප.ව. 2.00 ට දේශපාලන පක්ෂ නායකයින් සහ පක්ෂ ලේකම් වරුවන්, අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් , රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් සමාජ ක්‍රියාධරයින් ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments