29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsබාල පොහොර හා පාසැල් ළමුන් ඉලක්ක කරගෙන මත්පෙති බෙදන ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

බාල පොහොර හා පාසැල් ළමුන් ඉලක්ක කරගෙන මත්පෙති බෙදන ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

බාල පොහොර විකුණූ 06 දෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය තිරුක්කෝවිල් කඳවුරේ වැඩ බලන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එස්.කේ. කන්නන්ගර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (24) නින්දවූර් පොලිස් වසමේ නින්දවූර්, අට්ටපලම් ප්‍රදේශයේ දී රජයෙන් නිකුත් කරනු ලබන MOP පොහොරවලට (රතු කුඩුවලට) ප්‍රමිතියෙන් බාල ලුණු මිශ්‍ර කර නැවත රජයේ ඇසුරුම්වලට ඇසුරුම් කර අලෙවි කිරීම සදහා සකස් කර තිබු පොහොර කිලෝ ග්‍රෑම් 38,650 (ටොන් 40 ක් පමණ) ක් සමඟ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජාතික පොහොර ලේඛම් කාර්යාලයේ අම්පාර දිස්ත්‍රික් භාර සහකාර අධ්‍යක්ෂ නිලධාරී මහතා වෙත භාර දී ඇත.

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් නිතී විරෝධී මත්කරල් ජාවාරම සිදුකල පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ඩී.ඩී.කේ. හෙට්ටිආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී ඩී.පී.යූ. කොඩිතුවක්කු මහතාගේ මඟ පෙවන්වීම මත විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ උප පොලිස් පරීක්ෂක පී.කේ.ඩී. අරුණශාන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (24) මන්නාරම පොලිස් වසමේ මූර් වීදිය ප්‍රදේශයේ දී නිතී විරෝධී ලෙස අන්තරාදායක ඖෂධයක් වන ප්‍රීගැබලින් මත් කරල් 420 සන්තකයේ තබාගෙන සිටි මන්නාරම ප්‍රදේශයේ පදිංච් වසය අවුරුදු 22 ක් වන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මෙම පුද්ගලයින් දීර්ඝ කාලයක් පුරා ප්‍රදේශයේ පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මෙම ජාවාරම සිදුකර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments