23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්වත්මන් ආර්ථික අර්බුදය ජයගන්න අපිට හැකියි. ප්‍ර.එ.ජා.පෙ. නායක, මහලේකම් -ඉංජිනේරු ආරියවංශ දිසානායක

වත්මන් ආර්ථික අර්බුදය ජයගන්න අපිට හැකියි. ප්‍ර.එ.ජා.පෙ. නායක, මහලේකම් -ඉංජිනේරු ආරියවංශ දිසානායක

තරුණ පරපුර සමග එක්ව වත්මන් ආර්ථික අර්බුදය ජයගන්න ලලිත් -ගාමණි ගෙනා ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් ජාතික පෙරමුණ( රාජාලියා) රටභාරගෙන කටයුතු කරන්න සූදානම් බව එහි නායක හා මහලේකම් ඉංජිනේරු ආරියවංශ දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඒ් මහතා මේ බව සඳහන් කළේ ඉකුත් (29) ඇතුළ්කෝට්ටේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ් මහතා මෙසේද කීය…..ඉකුත් මැතිවරණවලදි මේ පක්ෂය විශාල මුදල්වලට ගැනීමට විවිධ අය උත්සහ කළ අතර මට මන්ත්‍රීධූර , වරදාන ලබාදෙන බව පැවසුවද මම ඒ් කිසිවකට යටනොවු මට මෙම පක්ෂය බේරාගැනිමට හැකිවුණා. මෙම පක්‍ෂයේ නායකයින් වන ගාමිණි දිසානායක,ලලිත් ඇතුළත්මුදලි හා ජී.එම්.ප්‍රේමචන්ද්‍ර යන මහත්වරු පැමිණියේ එක්සත් ජාතික පක්ෂයෙන් මම පැමිණියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සිරිමාවෝ බණ්ඩානායක මැතිණියත් සමග සිටයි. එය ගාමිණි දිසානායක මහතාගේ ආරාධනාවක් අනුව සිදුවූවක්. 1991දී අපි දෝෂාභියෝගය අවස්ථාවේදී මේ පක්ෂය බිහිකළා.

විවෘත ආර්ථික කිව්වාට එය අද ක්‍රියාත්මක වෙන්නේ එහි නරකම පැත්ත තමයි. දැන් මුදලාලිකරණය තමයිවෙලා තිබෙන්නේ මුදලාලිට අවශ්‍ය විදියට භාණ්ඩමිල තීරණයවෙන්නේ. ඊට ක්‍රමවේදයක් නැහැ. ඇතුළත් මුදලි මහතා මේබව සඳහන් කර තිබෙනවා. ගාමිණි දිසානායක මහතාගේ මහවැලි ව්‍යාපාරය ඉතා ටිකයි ක්‍රියාත්මකර තිබෙන්නේ. එහි ක්‍රියාත්මක කරන්න තව විශාල වැඩ කොටසක් තිබෙනවා. එහිදි සමූහ ගොවිපොළ තුලින් ගොවි ජනතාවට විශාල වැඩකොටසක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

හැත්තෑව දශකයේ කෘෂිකර්මාන්තයේ දායකත්වය 36%ක් පැවතුණා, අදවනවිට එය 7% දක්වා අඩුවෙලා. කර්මාන්ත දෙස බැලුවත් අපිට ඒ් මගින් විශාල ආදායම් තිබුණා. එදා ඒ් ආදායම 30%ට ආසන්නයි. එයත් අද සීයයට විසිගණනකට අඩුවෙලා. හැබැයි සේවා ආර්ථිකය වැඩිවෙලා. එහිදි රටේ ප්‍රශ්නයක් පැමිණියොත් සේවා නවතිනවා. එවිට රටේ ආදායම නැතිවෙනවා. සේවා ආර්ථික එදා 33%යි. වර්තමානයේ අද ඒක 60%ක් පමණ වෙලා. පිටරට සිටින සුද්දගේ පර්ස් එකට මේ අය ගණන් හදනවා.සංචාරකයින් එක්කගෙන එනවා කියනවා. මේකද රට දියුණු කරනවා කියන්නේ. අද අපේ දරුවෝත රට දාලා යනවා. පාලකයෝ කළ වැරදි වැඩ නිසා.

විදේශීය බැඳුම්කර එන්නේ මොකටද කියලා කව්රුත් දන්නේ නැහැ. වර්තමානයේ ණය බිලියන අසුනවයක් කියනවා. මේ ගැන වාර්තා නැහැ. සල්ලි මොන ව්‍යාපෘතියටද ගෙනාවේ වියදම් කළේ මොකටද වාර්තා නැහැ. රටේ ජනතවට තමයි මේ ණය ගෙවන්න වෙන්නේ. ඊට සිදුවුණේ යූටර්න් එකක් වෙන්න ඔ්නේ. කෙසේ වෙතත් අපි දැන් මේ අර්බුදයෙන් බේරෙන්න අවශ්‍යයි. ඒ් සඳහා අවශ්‍ය බුද්ධි මණ්ඬලයක් අපිත් සමග සිටිනවා. මේ කාර්යට අපිත් සමග එකතුවෙන්න කියලා තරුණ පරපුරට අපි ආරාධනා කරනවා. වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින දෙසිය විසිපහ ගැන නම් අපේ විශ්වාසයක් නැහැ. අලුත්ම කණ්ඩායමක් සමග පෙරට එන්න තමයි අපේ අරමුණ.

මෙම පක්ෂයේ ජාතික සංවිධායක වරලත් ගණකාධිකාරි සුජීව කරුණාසේකර මහතා… මේ රටේ සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රාජාලියා පියාපත් සෙවණට පැමිණෙන්න කියලයි. අපේ සිටින බුද්ධි මණ්ඩලය සමග එක්ව මේ රට ගොඩනැංවීමේ ප්‍ර.එ.ජා.ප.වැඩපිළිවෙලත් සමග එක්වෙන්න.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments