මනුෂ්‍ය ඝාතනයකට උදව් අපකාර කල පුද්ගලයන් තිදෙනෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමග ඇල්විටිවෙළ රාගම ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලිම් හා අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත. ඒ් අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී එච්.එම්. කීර්ති විජේසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ කදවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එම්.එන්.කේ. මාරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (28) රාගම පොලිස් වසමේ නො. 77/14, ඇල්විටිවෙළ රාගම ලිපිනයේ පිහිටි නිවසේ උඩුමහලේ කාමරයක් තුළ දී වැටලීමක් සිදුකර මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් පුද්ගලයන් තිදෙනෙකු ජාවාරම් කිරිම සදහා සන්තකයේ තබාගෙන සිටි හෙරොයින් ග්‍රෑම් 05, මි.ග්‍රෑ. 580 ක්, ජංගම දුරකතන 01 ක් විද්‍යත් තරාදියක් සහ යතුරු පැදියක් සමග අත්අඩංගුවට ගත් අතර මෙම පුද්ගලයන් තිදෙනා රාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23, 24 වයසේ පුද්ගලයන් වන අතර මොවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ටාශය වෙත භාර දී ඇත.
විශේෂ කාර්ය බලකා නිලධාරීන් ධර්මපුරම් පොලිස් බල ප්‍රදේශයෙන් ඉංදියාවෙ සිට මෙරටට ගෙන්වන ලක්ෂ 65 කට අධික වටිනා කමක් ඇති කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය කිලිනොච්චිය කඳවුරේ නිලධාරීන්ට කිලිනොච්චිය යුධ හමුදා බුද්ධි අංශ නිලධාරින්ගෙන් ලැබුණු තොරතුරකට අනුව කලාප අණදෙන නිලධාරී යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ඩී.ඩී.කේ. හෙට්ටිආරච්චි මහතාගේ මග පෙන්වීම හා සහකාර පොලිස් අධිකාරී ඩී.පී.යු. කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ උප පොලිස් පරීක්ෂක එස්.ඒ.ආර්. විජේසිරි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (29) ධර්මපුරම් පොලිස් වසමේ කල්ලාරු රක්ෂිතයේ සහ චුන්ඩිකුලම් රක්ෂිතයේ දී වැටලීමක් සිදුකර කල්ලාරු රක්ෂිතයේ ඉංදියාවෙ සිට මෙරටට ගෙන්වා සගවා තිබූ කේරළ ගංජා කිලෝ 41, ග්‍රෑම් 530 ක් කිලිනොච්චිය කඳවුරේ නිලධාරී විසින් අත්අඩංගුවට ගත් අතර තවද, මේ පිළිබද වැඩිදුර විමර්ශණ සිදු කිරීමේ දී පැය 1315 ට චුන්ඩිකුලම් රක්ෂිතයේ දී කිලිනොච්චිය කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් සහ චුන්ඩිකුලම් 14 වන ජාතික ආරක්ෂක බලමුලුවේ නිළධාරීන් කණ්ඩායමක් සමග ඒකාබද්ධව සිදුකල සෝදිසියක දී කේරළ ගංජා කිලෝ 13, ග්‍රෑම් 665 ක් සගවා තිබිය දී සැකකරුවන් නොමැතිව වඅත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ධර්මපුරම් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. අත්අඩංගුවට ගන්නා ලද කේරළ ගංජා වල වටිනාකම ලක්ෂ 65 කට අධික වේ.
බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය කුලිගොඩ උප කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව
කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විඳුර දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය කුලිගොඩ උප කඳවුරේ උප පොලිස් පරීක්ෂක සි.එම්.සි. ප්‍රියරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (28) මීටියාගොඩ පොලිස් වසමේ ගලගොඩ මංසන්දියේ දී ජෙලට්නයිට් කූරු 02, විදුලිමය නොවන ඩෙටනේටර් 04, සාමාන්‍ය සේවා නූල් 01, ඇමෝනියා නියිට්‍රේටි කිලෝ ග්‍රෑම් 04 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 44 ක මාපලගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීටියාගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.මෙසෙ පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන සිටියේ යමි අපරාධ සදහා යෙදවීමට දැයි විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.මෙම පිපුරුමිකාරක තත්පරයට අඩි 6400 සිට 8600 දක්වා පැතිරවියහැකි අතර මෙම පුපුරන ද්‍රව්‍ය පහත් පුපුරන ද්‍රව්‍ය ගනයට අයත්වන අතර මෙමගින් රථවාහන පුද්ගලනාශක ගොඩනැගිලි විනාශකිරිමෙි හැකියාවක් පවතී.