21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsමිල අධික වාලම්පූරියක් අලෙවිකිරීමට තැත් කළ අයෙක් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමුන් හා පාසැල්...

මිල අධික වාලම්පූරියක් අලෙවිකිරීමට තැත් කළ අයෙක් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමුන් හා පාසැල් දරුවන් ඉලක්ක කර මත්පෙති අලෙවිකරන ජාවාරමක සුලමුල එස්.ටී.එෆ්.සොයාගනී.

මිල අධික වාලමිපුරියක් ළඟ තබාගෙන අලෙවි කිරීමට උත්සහ කළ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය කල්මුණ කඳවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මේ සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත. ඒ් අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ මග පෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය කල්මුණ කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එස්.එම්.පී.පී.එම්. ඩයස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (05) කාත්තන්කුඩි පොලිස් වසමේ කාලි කෝවිල් පාර, ආරියම්පදි 03 යන ලිපිනයේ පිහිටි නිවස තුල දී වැටලීමක් සිදුකර මිල අධික වාලමිපුරියක් සන්තකයේ තබාගෙන අලෙවි කිරීමට උත්සහ කළ ආරියම්පදි ප්‍රදේශයේ වයස අදුරුදු 42 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කාත්තන්කුඩි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අයිස් සහ මත්කරල් සමග පුද්ගලයන් සිව් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය හොරණ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අතුල රත්නායක මහතාගේ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ විශේෂ කාර්ය බලකාය හොරණ කඳවුරේ කදවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.යු.එස්. ද සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (05) මිල්ලනිය පොලිස් වසමේ මිල්ලනිය වත්ත සහ පරගස්තොට ප්‍රදේශයන් වලදී වැටලීම කිහිපයක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය සහ මත් කරල් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර මොවුන් අවුරුදු 18-33 වයසේ පසුවන මිල්ලනිය සහ පරගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. අත්අඩංගුවට ගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13, මිලි ග්‍රෑම් 580 ක් සහ මත් කරල් 120 ක් ද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිල්ලනිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය ව්ශේෂ මෙහෙයුම් අංශය i හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ (බුද්ධි/විශේෂ මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය නාශක) සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශය i හි පොලිස් පරීක්ෂක වයි.එස්. සුරවීර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (05) වැල්ලම්පිටිය පොලිස් වසමේ බ්‍රැන්ඩියාවත්ත හංදියේ දී වැටලීමක් සිදුකර කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි බ්‍රැන්ඩියාවත්ත වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු රුපියල් එක් ලක්ෂ හැත්තෑ දහසකට ආසන්න වටිනාකමක් ඇති කේරළ ගංජා කිලෝ 01, ග්‍රෑම් 300 ක් සමග අත්අඩංගුවට ගෙන වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අපරාධයක් සිදු කිරීමේ අදහසින් සුඛෝපභෝගී මොටර් රථයකින් සැරිසැරූ කල්ලිය අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුමි/ මත්ද්‍රව්‍ය නාශක) සාගර කුලසේකර මහතාගේ සෘජු අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.පී.බී. රාජනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (03) වැල්ලම්පිටිය පොලිස් වසමේ වැල්ලම්පිටිය මං සංදිය අසල මාර්ගයේ දී වැටලීමක් සිදුකර කිසියම් සංවිධානාත්මක අපරාධ කල්ලියක් සමග සම්බන්ධ වී මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් සිදු කිරිමට වැල්ලම්පිටිය ප්‍රදේශයේ මෝටර් රථයකින් සැරිසරන බවට ලද තොරතරක් මත බුද්ධි කොට්ඨාශයේ නිලධාරින් සිදු කරන ලද වැටලීමක දී වැල්ලම්පිටිය හා බදුරලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29, 37, 38 වයසේ පසුවන පුද්ගලයන් තිදෙනෙකු අයිස් ග්‍රෑම් 09, මිලි ග්‍රෑම් 89 ක් සහ මෝටර් රථයක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තවදුරටත් පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් නිතී විරෝධී මත්කරල් ජාවාරම සිදුකල පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය වව්නියාව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ඩී.ඩී.කේ. හෙට්ටිආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී ඩබ්.වී.ආර්.එම්. අබෙිසේකර මහතාගේ මඟ පෙන්වීම මත විශේෂ කාර්ය බලකාය වව්නියාව කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ආර්.ටී.ඒ. අමරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (04) නෙළුක්කුලම පොලිස් වසමේ MAG ආයතනය ඉදිරිපිට මාර්ගයේ දී නිතී විරෝධී ලෙස අන්තරාදායක ඖෂධයක් වන Pregub 150 mgප වර්ගයේ මත්කරල් 400 සන්තකයේ තබාගෙන සිටි වව්නියාව ප්‍රදේශයේ පදිංච් වසය අවුරුදු 22, 29 ක් වන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නෙළුක්කුලම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මෙම පුද්ගලයින් දීර්ඝ කාලයක් පුරා රටෙි ජිවනාලිය බදු පාසල් ළමුන් මතට ඇබිබැහි කරමින් මෙම ජාවාරම සිදුකර ඇත.විශේෂ කාර්ය බලකාය නිරන්තරයෙන්ම මෙවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගනිමින් තම ජාතික වගකීම ඉටු කරමින් විශිෂ්ඨ මෙහෙවරක යෙදී සිටි .

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments