26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsඅපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට

අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට

අපරාධයකට සුදානමි වෙමින් සිටි පුද්ගලයන් පිරිසක් තියුණු ආයුධ සහ මත්ද්‍රව්‍ය සමග වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ‌ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව (04) වැල්ලම්පිටිය පොලිස් වසමේ අංක 107/25/A, ගෙවල් 20, කිත්තම්පහුව, වැල්ලම්පිටිය යන ලිපිනයේ පිහිටි නිවසේ දී අත්අඩංගුවට ගැනීමක් සිදුකර යම්කිසි අපරාධයක් කිරීමේ අරමුණින් කඩු දෙකක්, මන්නපිහි දෙකක්, ඩෙකර් පිහියක්, කිනිස්සක් හා අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 720 ක් ද සමග වයස අවුරුදු 27 ත් 31 ත් අතර පසුවන වැල්ලම්පිටිය, මත්තල, කොලොන්නාව යන ප්‍රදේශයන්වල පදිංචි පුද්ගලයන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මෙහි එක් සැකකරුවෙක් මීට පෙර මනුෂ්‍ය ඝාතයක් සඳහා චෝදනාවට ලක්ව සිටි අයෙකි.
නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් හා අත්අඩංගුවට ගෙන ඇත. ඒ් අනුව අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ (බුද්ධි/විශේෂ මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය නාශක) සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය යතුරුපැදි සංචාරක කණ්ඩායමේ උප පොලිස් පරක්ෂක වි.ඒච්.ජි.ඒන්.අයි. ජනසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

අයිස් සමග පුද්ගලයෙකු මට්ටක්කුලියේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව (03) මට්ටක්කුලිය පොලිස් වසමේ අංක 44/17, ජුබිලි මාවත, මට්ටක්කුලිය, කොළඹ 15 යන ලිපිනයේ සිදු කරන ලද වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20.09 ක් හා විකිණීමෙන් උපයාගත් මුදල් යැයි සැකකලහැකි රුපියල් 197,400.00 ක මුදලක් හා ඩිජිටල් තරාදියක් සමග මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී එච්.එම්. කීර්ති විජේසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ කඳවුරේ පොලිස් පරීක්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම් සිදුකර ඇත.

බලපත්‍ර නොමැතිව හිංසාකාරී ලෙස ගවයින් ප්‍රවාහණය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය කලවංචිකුඩි කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව (03) කලවංචිකුඩි පොලිස් වසමේ කඳවුර අසල මාර්ගයේ දී බලපත්‍ර නොමැතිව හිංසාකාරී ලෙස කැබි රථයක් මගින් ගවයින් පස් දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි වයස අවුරුදු 21,29 පසුවන සිත්තණ්ඩි ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සඳහා කලවංචිකුඩි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි, අම්පාර කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ, සහකාර පොලිස් අධිකාරී නලීන් පෙරේරා මහතාගේ මගපෙන්වීම මත විශේෂ කාර්ය බලකාය කලවංචිකුඩි කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එන්.එන්. ප්‍රේමරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය මහඔය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව (01) පදියතලාව පොලිස් වසමේ කෙහෙල්උල්ල ප්‍රදේශයේ දී බලපත්‍ර නොමැතිව ටිපර් රථයක් මගින් තේක්ක දැව කඳන් 37 ක් ප්‍රවාහනය කරමින් සිටි වයස අවුරුදු 32 ක මිනිපේ ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සඳහා සේරංකඩ බිට්ටු වන අඩවි කාර්යාලය වෙත භාර දී ඇත.

අම්පාර කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ, සහකාර පොලිස් අධිකාරී නලීන් පෙරේරා මහතාගේ මගපෙන්වීම මත විශේෂ කාර්ය බලකාය මහඔය කඳවුරේ දෙවන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඒ.එම්.සි.බි. අත්තනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

මරණ දඩුවමට නීති සමිපාදනය වු අයිස් විෂ මත්ද්‍රව්‍ය සමග දෙදෙනෙක් රාගම දී පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව (02) රාගම පොලිස් වසමේ ස්ථාන දෙකකදී සිදු කරන ලද වැටලීම් මගින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 යි, මිලි ග්‍රෑම් 510 ක් හා විකිණීමෙන් උපයාගත් මුදල් යැයි සැක කලහැකි රුපියල් 14,000.00 ක මුදලක් සමග අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක පුද්ගලයෙකු හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 යි, මිලි ග්‍රෑම් 120 ක් සන්තකයේ තබාගෙන සිටි රාගම ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 29 ක පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇත.අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම මරණ දඩුවම නියම කරන වරදක් ලෙස නීති සමිපාදනය වු අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී එච්.එම්. කීර්ති විජේසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ කඳවුරේ පොලිස් පරීක්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම් සිදුකර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments