29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsසිලෝන් ටී වලට තිබෙන විදෙස් ඉල්ලුම පහත හෙලන කුමන්ත්‍රණයක් සහ පාසැල්...

සිලෝන් ටී වලට තිබෙන විදෙස් ඉල්ලුම පහත හෙලන කුමන්ත්‍රණයක් සහ පාසැල් දරුවන්ට මත්දුව්‍ය බෙදන ජාවාරමක් එස්.ටී.එෆ්. සොයාගනී.

ලංකාවෙි තේ වලට විදෙස් රටවල ඉල්ලුම පහත හෙලන ලක්ෂ 60කට ආසන්න වටිනාකමකින් යුත් කසළ තේ කිලෝ ග්‍රෑම් 15,842 ක ගබඩාවක් පවත්වාගෙන යනු ලැබු පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය ව්ශේෂ ගම්පොල ‍ කඳවුරේ නිලධාරීන්ට ලැබු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් හා අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.පි.ජි.එස්. රත්තපිටිය මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී ආර්.කේ.යු. ජයවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය ගම්පොල ‍කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක ඒ.ඩී.ඩබ්.ඩබ්.බී.එල්.ආර්. වීදියබණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (06) වෙළම්බඩ පොලිස් වසමේ අංක 48, කූරදෙනිය පාර, වෙළම්බඩ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර බලපත්‍ර‍ නොමැතිව කසල තේ ගබඩාවක් පවත්වාගෙන යන ලද වෙළම්බඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක පුද්ගලයකු ලක්ෂ 60කට ආසන්න වටිනාකමකින් යුත් කසල තේ කිලෝ ග්‍රෑම් 15,842 ක් සමග අත්අඩංගුවට ගෙන ගම්පොල තේ මණ්ඩලය වෙත භාර දී ඇත.ශ්‍රී ලංකාවෙි ප්‍රධානම විදේශීය විනිමයක් වන සිලෝන් ටී නමින් ප්‍රචලිත තේ සදහා මෙම කසල තේ ජාවාරම්කරුවන් මගින් සිදුවන හානිය අතිමහත් වෙි.මෙයට පෙරද විශේෂ කාර්ය බලකාය මගින් විශාල ලෙස කසල තේ අත්අඩංගුවට ගැනීම සිදුකල අතර ඒ මගින් මෙරට ප්‍රධානම අපනයන මාර්ගයක් වන තේ සදහා විශාල දායකත්වයක් ලබා දී ඇත.විශේෂ කාර්ය බලකායෙ අනදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස් පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිද විශේෂ කාර්ය බලකාය නිරන්තරයෙන්ම මෙම කසල තේ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සිදුකරනු ලබයි.

හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය ව්ශේෂ මෙහෙයුම් අංශය i හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ (බුද්ධි/විශේෂ මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය නාශක) සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශය i හි පොලිස් පරීක්ෂක වයි.එස්. සුරවීර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (06) කඩුවෙල පොලිස් වසමේ අංක 249/2, නව නුවර පාර, මාලබේ ලිපිනයේ පිහිටි නව රංජිත් ඉන්ඩස්ට්‍රීස් වෙලදසැල ඉදිරිපිට දී වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 13 මිලිග්‍ර‍ෑම් 07 සන්තකයේ තබා ගනිමින් යතුරු පැදියකින් ප්‍ර‍වාහනය කල හෝමාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක සහ අවුරුදු 31 පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන කඩුවෙල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
පාසල් ශිෂ්‍යයෙකු මාර්ගයෙන් පාසල් ශිෂ්‍යයන්ට අයිස් සහ මත්කරල් බෙදු ශිෂ්‍යයෙකු සමග පුද්ගලයන් සිව් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය හොරණ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අතුල රත්නායක මහතාගේ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේද ප්‍රදේශීය අනදෙන නිලධාරී සහකාරපොලිස් අධිකාරි අසිත රණ සුරිය මහතාගේ මෙහෙයවීමෙන් ද, විශේෂ කාර්ය බලකාය හොරණ කඳවුරේ කදවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.යු.එස්. ද සිල්වා සහ උප පොලිස් පරික්ෂක අබෙිතුංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (05) මිල්ලනිය පොලිස් වසමේ මිල්ලනිය වත්ත සහ පරගස්තොට ප්‍රදේශයන් වලදී වැටලීම කිහිපයක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය සහ මත් කරල් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර මොවුන් අවුරුදු 18-33 වයසේ පසුවන මිල්ලනිය සහ පරගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. දහඅටහැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු මාර්ගයෙන් පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය බෙදා ඇති අතර එම පාසල් ශිෂ්‍යයාට ආධාර අනුබල දි ඇත්තෙ ඔහුගෙ මව විසින් බව අනාවරණය විය.අත්අඩංගුවට ගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13, මිලි ග්‍රෑම් 580 ක් සහ මත් කරල් 120 ක් ද සැකකරුවන් ද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිල්ලනිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments