22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsපොලිස් විශේෂ කාර්ය බලකාය පසුගිය වසර දෙකහමාරක් වැනි කාලයක් තුල පාතාලයෙන්...

පොලිස් විශේෂ කාර්ය බලකාය පසුගිය වසර දෙකහමාරක් වැනි කාලයක් තුල පාතාලයෙන් පනස් වන පිස්තෝලයද අත්අඩංගුවට ගනී.

මනුෂ්‍ය ඝාතනයකට අධාර අනුබල දුන් පුද්ගලයකු දෙමටගොඩ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය 11 හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුමි/ මත්ද්‍රව්‍ය නාශක) සාගර කුලසේකර මහතාගේ සෘජු අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය 11 හි උප පොලිස් පරීක්ෂක ටී.එන්. ධර්මවර්ධන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (10) මට්ටක්කුලිය පොලිස් වසමේ දෙමටගොඩ පාලම අසල දී වැටලීමක් සිදුකර එහි දී ඉකුත් නොවැම්බර් මස (28) මට්ටක්කුලිය පොලිස් වසමේ මිලාන් හෝටලය ඉදිරිපිට දී අංක 24, සාවියා පටුමග, මට්ටක්කුලිය ලිපිනයේ පදිංචි මොහොමඩ් බදුර්දීන් මොහොමඩ් ෆර්හාන් යන පුද්ගලයා කපා කොටා ඝාතනය සිදු කිරීමට පැමිණි ව්‍යාජ අංක තහඩු යොදන කාර් රථයකින් පැමින නාදුනන පුද්ගලයින් පිරිසක් හට කාර් රථය කුලී පදනම මත ලබාගෙන එම ඝාතනයට පැමිණි පුද්ගලයන් හට ලබා දීම සහ ඝාතනය සදහා ආධාර අනුබල දිමේ වරදට බෙස්ලයින් පාර, කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අහංගම දී පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුමි/ මත්ද්‍රව්‍ය නාශක) සාගර කුලසේකර මහතාගේ සෘජු අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ විශේෂ කාර්ය බලකාය දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ උප පොලිස් පරීක්ෂක එස්.පී.කේ. බොතේජු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (10) අහංගම පොලිස් වසමේ ගාල්ලගේ මෝටර්ස්, කිත්තගල්ල පාර, කතළුව, අහංගම ලිපිනයේ දී වැටලීමක් සිදුකර කේරළ ගංජා ග්‍රෑම් 500 ක් සහ මුදල් රුපියල් 150,000.00 ක් සන්තකයේ තබාගෙන සිටි මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අහංගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ඩුබාහී සැඟව සිටින පාතාල නායක මිනුවන්ගොඩ මහේෂ් මල්ලී නැමැත්තා ගේ ප්‍රධාන ගෝලයන් තිදෙනෙකු පිස්තෝල දෙකක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව (10) ඩුබාහී සැඟව සිටින මිනුවන්ගොඩ මහේෂ් මල්ලී නැමැති පාතාල ක්‍රියාකරුගේ සමීපතමයෙකු වන සුරේෂ් ප්‍රියංකර ප්‍රනාන්දු නොහොත් බොබියා නැමැති කටාන, කඳවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක පුද්ගලයෙකු මීගමුව පොලිස් වසමේ කොච්චිකඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. වැරදි අංකතහඩු යෙදූ යතුරුපැදියක් ද ඔහු බරයේ තිබී අත්අඩංගුවට ගත් අතර වැඩිදුරටත් ප්‍රශ්ණ කිරීමෙිදී මහේෂ් මල්ලි නැමති පාතාල කල්ලි සමාජිකයාගේ අනෙත් ගෝලයන් දෙදෙනාද අත්අඩංගුවට ගන්නා ලදි. කටිටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක පුද්ගලයෙකු හා ඔහු ලඟ තිබී පිස්තෝලයක් හා උණ්ඩ පහක් සහිත මැගසිනයක්ද පන්නල, යක්විල ප්‍රදේශයේදී වයස අවුරුදු 48 ක පුද්ගයෙකු ලඟ තිබී පිස්තෝලයක් හා උණ්ඩ 05 ක් සහිත මැගසිනයක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම සැකකරුවන් දෙදෙනෙකු මීගමුව පොලිස් ස්ථානය වෙත හා එක් සැකකරු වෙකු පන්නල පොලිස් ස්ථානය ටද භාර දී ඇත.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී එච්.එම්. කීර්ති විජේසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරසිංහ සහ පොලිස් පරීක්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම් සිදුකර ඇත.සංවිධානාත්මක අපරාධ මර්ධනය ,පාතාල ක්‍රියා කරකමි මැඩලීම , මත්ද්‍රව්‍ය ජාලය මර්ධනය කිරීම වගකිමෙන් හා දැඩි කැපවීමෙන් සිදුකරන පොලිස් විශේෂ කාර්ය බලකාය අන දෙන නිලධාරී නියෝජ්‍ය පොලිස් පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නායකත්වය යටතේ පසුගිය වසර දෙකහමාරක් වැනි කාලයක් තුල පාතාලයෙන් අත්අඩංගුවට ගත් පනස් වන පිස්තෝලය මෙය වෙි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments