22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsපුරා විද්‍යා සහ අවි ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

පුරා විද්‍යා සහ අවි ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

පුරාවිද්‍යා භාණ්ඩ ලබා ගැනීමේ අරමුණින් පුලස්තිපුර නිධන් හෑරූ පුද්ගලයන් සිවිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය අරලගංවිල කඳවුරේ නිලධාරීන්ට ඕනැගම යුධ හමුදා බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරකට අනුව (11) පුලස්තිපුර පොලිස් වසමේ අංක 13/3, BOP 316 තල්පත, පුලස්තිපුර ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස පුරාවිද්‍යා වටිනාකමකින් යුත් භාණ්ඩ ලබා ගැනීම සඳහා කැණීම් සිදු කරමින් සිටි වයස අවුරුදු 26,43,53,73 පසුවන කොළඹ 07, අම්බලන්තොට, තන්තිරිමුල්ල හා පුලස්තිපුර යන ප්‍රදේශයන් වල පදිංචි පුද්ගලයන් සිවිදෙනෙකු යොදා ගත් උපකරණ හා පූජා භාණ්ඩ ද සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුලස්තිපුර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අම්පාර සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය අරලගංවිල කඳවුරේ පොලිස් පරීක්ෂක එච්.එම්.එස්.ඩි. බංඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

උදුළු03ක්, මීටර් 26 දිග රබර් හෝස් එකක්,ප්ලාස්ටීක් තාච්චියක්, සවලක්, අලවංගුදෙකක්, සාම්බ්‍රානි පැකට්ටුවක්,දුම්කබලක්, කාසි 06ක්, මුහුදු වැලි අඩංගු පොලතින් කවරයක්, නූල් පන්දුවක්, යකඩ ගිරයක්, දෙහිගෙඩි 27ත්තෙල් බෝතල්04ක්, මැටි පහන්දෙකක්, මල්, පලතුරු, රසකැවිලි අඩංගු පුජා භාණ්ඩ මෙහිදි අත්අඩංගුවට ගෙන තිබේ.

මෙරට නිෂ්පාදිත අවි 03, T56 උණ්ඩ 250, කඩු, පිහි හා වල් ඌරුමස් සමග පුද්ගලයෙකු කිලිනොච්චියේදී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය කිලිනොච්චිය කඳවුරේ නිලධාරීන්ට යුධහමුදා බුද්ධි අංශ නිලධාරින්ගෙන් ලද තොරතුරකට අනුව 2022.12.11 වන දින කිලිනොච්චිය පොලිස් වසමේ කෝනංකුලම්, කණ්ඩාවලෛ ලිපිනයේ දී මෙරට නිෂ්පාදිත වෙඩිබෙහෙත් කොටන අවි තුනක්, ටී 56 අවි සඳහා යොදන උණ්ඩ 250 ක්, ටී 56 උණ්ඩ වල නෝස් කොටස් 06 ක්, හිස් පතුරම් කොපු 08 ක්, ඊයම් උණ්ඩ 08 ක්, බඳින තුවක්කු සඳහා යොදා ගන්නා යකඩ බට 11 ක්, වෙඩිබෙහෙත් කොටන තුවක්කු සඳහා යොදා ගන්නා ලී බඳ සහිත කොටස් 05 ක්, කඩු 02 ක්, උල් පිහි 01 ක්, වල් ඌරුමස් කිලෝ ග්‍රෑම් 08 හා නීති විරෝධී මත්පැන් පෙරීම සඳහා යොදාගන්නා තඹ දඟර 02 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 29 ක කිලිනොච්චිය, කණ්ඩාවලෛ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිලිනොච්චිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
කලාප අණදෙන නිලධාරී යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ඩී.ඩී.කේ. හෙට්ටිආරච්චි මහතාගේ මග පෙන්වීම හා සහකාර පොලිස් අධිකාරී කේ.ජී.ජී.ජී. නිශාන්ත මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය කිලිනොච්චිය කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක එච්.ජි.එල්.පී. ගමගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments