29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsයාපනයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග අයකු එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

යාපනයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග අයකු එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

පුපුරණ ද්‍රව්‍ය (TNT) රැස්කල පුද්ගලයෙකු යාපනයේ, පරන්තන් වල දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව (11) කිලිනොච්චිය පොලිස් වසමේ පරන්තන් වතුර ටැංකිය අසල දී නීති විරෝධී TNT පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 8.400 ක් බහාලු බෑගයක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 52 ක පුදිකුඩිරිප්පු ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිලිනොච්චිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
සැකකරු විසින් මෙම පුපුරණ ද්‍රව්‍ය කුමන අරමුණක් මත තබාගෙන සිටියේදැයි පරීක්ෂන සිදු කරමින් පවතියි.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ඩී.ඩී.කේ. හෙට්ටිආරච්චි මහතාගේ මග පෙන්වීම හා සහකාර පොලිස් අධිකාරී කේ.ජී.ජී.ජී. නිශාන්ත මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ උප පොලිස් පරික්ෂක ඒචි.ඩි.කේ. විතාරණ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments