25.7 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPපාසල්වලට ළමුන් ඇතුළත් කරගැනීම ගැන අමාත්‍යංශයෙන් නිවේදනයක්

පාසල්වලට ළමුන් ඇතුළත් කරගැනීම ගැන අමාත්‍යංශයෙන් නිවේදනයක්

පළමු ශ්‍රේණියට සහ උසස් පෙළ සදහා ලමුන් ඇතුළත් කිරීම පාසල් මගින් පමණක් සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එම කටයුතු කිසිදු අවස්ථාවක අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදු නොවන බවයි නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම අදාල පාසල් මගින් පමණක් සිදු කෙරෙනවා.

උසස් පෙළ විෂය ධාරාව නොමැති පාසල් වල සිසුන් එම විෂය ධාරා ඇති පාසල් සදහා ඉල්ලුම් පත්‍ර අදාල පාසලටම යොමුකිරීම සිදු කළ යුතු අතර, එම අයදුම් පත්‍ර අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමුකිරීම සිදු නොකළ යුතු බව එම අමත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments