21.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPදේශීය ආදායම් (සංශෝධන) පනතෙහි විධිවිධාන ප්‍රකාරව බදු සංශෝධන ජනවාරි 1 වැනිදා...

දේශීය ආදායම් (සංශෝධන) පනතෙහි විධිවිධාන ප්‍රකාරව බදු සංශෝධන ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක කෙරේ.

දේශීය ආදායම් (සංශෝධන) පනතෙහි විධිවිධාන ප්‍රකාරව බදු සංශෝධන ක්‍රියාත්මක වන්නේ ජනවාරි 1 වැනිදා සිටයි

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ ( 19) සිය සහතිකය සටහන් කළ දේශීය ආදායම් (සංශෝධන) පනතට අදාළ බදු සංශෝධන එම පනතේ විධිවිධාන ප්‍රකාරව 2023 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

කථානායකවරයාගේ සහතිකය සමග මෙම පනත් කෙටුම්පත 2022 අංක 45 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙස මෙරට නීති පද්ධතියට එක්වීම සිදුවිය.

පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී පැවති මෙම පනත්කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව විරුද්ධ පාර්ශවයෙන් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 83ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 41ලැබිණි.

ඉන්පසු පනත් කෙටුම්පත තෙවනවර කියවීම සඳහා ද විරුද්ධ පාර්ශවයෙන් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 79ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 36 ලැබිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments