29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsදුර්ලභ ගජමුතු, අවි හා පාසැල් ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය බෙදන ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

දුර්ලභ ගජමුතු, අවි හා පාසැල් ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය බෙදන ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

මිල අධික දුර්ලභ ගජමුතු සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අක්කරපත්තුව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිද සහකාර පොලිස් අධිකාරී බන්දුසිරි මහතාගේ මගපෙන්වීම මත විශේෂ කාර්ය බලකාය අක්කරපත්තුව දෙවන කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඩී.පී.ඩී.පී. දන්දෙණිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (21) අම්පාර පොලිස් වසමේ පරණ ගාමන්ට් පාර, කාර්මික පෙදෙස ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර මෙරට සීඝ්‍රයෙන් වඳවී යන ජාතික සමිපතක් වන දළ ඇතුන් මෙලෙස ඝාතනය කරලබා ගන්නා ලද වටිනා ගජමුතු 03ක් සන්තකයේ තබාගෙන සිටි ඉලුක්පිටිය, බටපොළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක් වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්පාර වන ජීවී සංරක්ෂණ දෙපාර්තමෙන්තු කාර්යාලයේ වන සත්ව අඩවි සහකාර පී.ජී.පී. ප්‍රභාත් මහතාට වෙත භාර දී ඇත.

විදේශිය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සමග අපරාධයකට සැරසුනු දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව (21) ගිණි අවියක් අලෙවි කල බවට ලද විශ්වාසදායී තොරතුරක් මත නැගෙනහිර දික්ලන්ද, මැල්ලවගෙදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයෙකු කොටදෙණියාව පොලිස් වසමේ නැගෙනහිර දික්ලන්ද, මැල්ලවගෙදර ලිපිනයේ දී අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව ඔහුගෙන් වැඩිදුරටත් ප්‍රශ්ණ කිරීමේදී බිංගිරිය පොලිස් වසමේ කුඩතලව, හල්මිල්ල වැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක පුද්ගලයෙකු හා ඔහු ලඟ තිබී විදේශිය රටක නිශ්පාදිත පිස්තෝල හා උණ්ඩ පහක් සහිත මැගසිනයක් සහ ජංගම දුරකතන දෙකක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම සැකකරුවන් දෙදෙනාම බිංගිරිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී එච්.එම්. කීර්ති විජේසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එම්.එන්.කේ. මාරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම් සිදුකර ඇත.

පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් අලවි කිරිමට අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි අයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුමි/ මත්ද්‍රව්‍ය නාශක) සාගර කුලසේකර මහතාගේ සෘජු අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.පී.බී. රාජනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (21) වැල්ලම්පිටිය පොලිස් වසමේ කොටිකාවත්ත මන්සංදියෙන් කොහිල වත්තට හැරෙන ස්ථානයේ දී වැටලීමක් සිදුකර පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් අලවි කිරිම සදහා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි බ්‍රැන්ඩියා වත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක් වන පුද්ගලයකු අයිස් ග්‍රෑම් 09, මිලි ග්‍රෑම් 430 ක් සහ ත්‍රිරෝද රථයක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments