26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPමේ වසරේ දිවයින පුරා සාර්ථක වැටලීම් 31,342 ක් සිදු කර තිබේ -...

මේ වසරේ දිවයින පුරා සාර්ථක වැටලීම් 31,342 ක් සිදු කර තිබේ – ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මගින් මේ වසරේ ජනවාරි (01) සිට නොවැම්බර් (30) දක්වා දිවයින පුරා සාර්ථක වැටලීම් 31,342 ක් සිදු කිරීමට සමත් වී ඇත. ‍එම කාල සිමාව තුලදී සුරාබදු නිලධාරීන් සිදු කරනු ලැබු සාර්ථක වැටලීම් පිළිබද වර්ගීකරනය ඒ ඒ පනත් අනුව පහත පරිදි වේ.

අදාල ආඥා පනත,සිදුකල ග්‍රහණ සංඛ්‍යාව,සුරාබදු ආඥා පනත යටතේ සිදුකල සාර්ථක වැටලීම් 25,024කී, වස,විස,අබිං හා අන්තරායකර ඖෂධ පිළිබද ආඥා පනත හා මාදක මනෝවර්තක පිළිබද සම්මුති පනත යටතේ සිදුකල සාර්ථක වැටලීම් 4,881කී, දුම්කොළ බදු පනත හා දුම්කොල හා මද්‍යසාර පිළිබද ජාතික අධිකාරි පනත යටතේ සිදුකල සාර්ථක වැටලීම්1,437කී, ඒ් අනුව සියලු වර්ගයේ ග්‍රහණ සංඛ්‍යාව31,342කී.

ඒ ඒ අපරාධ වර්ග අනුව සුරාබදු ආඥා පනත යටතේ සිදුකල සාර්ථක වැටලීම්.නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය 839කී, නීති විරෝධී ලෙස නිෂ්පාදිත මත්පැන් සන්තකය/ විකිණීම 379කී, නීති විරෝධී ලෙස නිෂ්පාදිත ස්ප්‍රීතු සන්තකය, ප්‍රවාහනය/, විකිණීම16,090 කී, නීති විරෝධී ලෙස මහා රා සන්තකය/ ප්‍රවාහනය/ විකිණීම 3,733කී, නීති විරෝධී ලෙස රජයේ අරක්කු සන්තකය/ ප්‍රවාහනය/ විකිණීම1,663කී, නීති විරෝධී ලෙස විදේශ මත්පැන් සන්තකය/ ප්‍රවාහනය/ විකිණීම1,853කී, සුරා අපරාධ පිළිබඳ තොරතුරු ලබා දීමට නොහැකි වීම 454කී,
ඒ වාර්තා 13කී, මුළු ග්‍රහණ සංඛ්‍යාව 25,024ක්වේ.

වස,විස,අබිං හා අන්තරායකර ඖෂධ පිළිබඳ ආඥා පනත හා මාදක මනෝවර්තක පිළිබද සම්මුති පනත යටතේ සිදුකල සාර්ථක වැටලීම්.
හෙරොයින් සන්තකය, විකිණීම, ප්‍රවාහනය 2,614කී, කොකේන් සන්තකය/ විකිණීම/ ප්‍රවාහනය 29කී, නීති විරෝධී ලෙස ගංජා සන්තකය, විකිණීම, ප්‍රවාහනය1,903කී, නීති විරෝධී ලෙස ගංජා වගා කිරීම28කී, අයිස් ඇතුළු වෙනත් මත්ද්‍රව්‍ය සම්බන්ධ ග්‍රහණ 307කී, ඒ් අනුව මුළු ග්‍රහණ සංඛ්‍යාව4,881කී. දුම්කොළ බදු පනත හා දුම්කොල හා මද්‍යසාර පිළිබද ජාතික අධිකාරි පනත යටතේ සිදුකල සාර්ථක වැටලීම් අනුව බදු නොගෙවූ සිගරට් සන්තකයේ තබා ගැනීම638කී, අවුරුදු 21න් පහල පුද්ගලයන්ට දුම්කොල නිෂ්පාදන විකිණීම 84කී, ප්‍රසිද්ධ හා ජනාකීර්ණ ස්ථානවල දුම්පානය 224කී, වෙනත් දුම්කොල සම්බන්ධ අපරාධ 491කීඒ් අනුව මුළු ග්‍රහණ සංඛ්‍යාව1,437

එම වැටලීම් වලදී අදාළ වරදවල් සම්බන්ධයෙන් පුද්ගලයන් 31,342 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර
ඒ අතරින් 4,559 ක් කාන්තාවන් වේ.මෙම වැටලීම් ග්‍රහණ වලදී අත්අඩංගුවට ගන්නා ලද නඩු භාණ්ඩවල මුලු වටිනාකම රුපියල් මිලියන 350 ඉක්මවයි.
දිවයින පුරා පිහිටි සුරාබදු ස්ථාන 57 ක් හා සුරාබදු විශේෂ මෙහෙයුම් එ්කක 5 ක් මගින් මෙන්ම සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් සිදුකරන ලද සාර්ථක වැටලීම් වලින් සමන්විත වේ. මෙම සුරා, මත්ද්‍රව්‍ය හා දුම්කොල අපරාධ පිළිබඳ අධිකරණය ඉදිරියේ නඩු පැවරීමෙන් අනතුරුව අධිකරණය මගින් රුපියල් 118,434,821.50 ( මිලියන 118 ක් ) දඩ මුදල් ලෙස පනවා ඇත.

‌මේ වසරේ තුලදී මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ආශ්‍රිතව ග්‍රහණය කළ වැරදි සංඛ්‍යාව 3,640 කි. ඊට අමතරව සුරාබදු බලපත්‍ර ලත් ස්ථානවල වැරදි සදහා මේ දක්වා පනවන ලද සමථ ගාස්තු ප්‍රමාණයරුපියල් මිලියන 127 ඉක්මවයි. මෙම වැටලීම් අතරින් සැළකිය යුතු ප්‍රමාණයක් මහජනතාව විසින් සෘජුව හා 1913 දුරකථන අංකය ඔස්සේ සුරාබදු මූලස්ථානයේ ස්ථාපිත කර ඇති සුරාබදු මෙහෙයුම් මැදිරිය මගින් ලබාදෙන ලද පැමිණිලි හා තොරතුරු මත සිදුකොට ඇත. ඒ ඒ පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස්වරුන් හා දිස්ත්‍රික් භාර සුරාබදු අධිකාරිවරුන්ගේ මෙහෙයවීම යටතේ සුරාබදු නිළධාරීන් නවසියයක‍ට ආසන්න ප්‍රමාණයක් දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි යොදවමින් මෙම වැටලීම් සිදුකොට තිබේ.

සුරා, මත්ද්‍රව්‍ය හා දුම්කොල අපරාධ වලක්වාලමින් සාර්ථක වැටලීම් සිදු කිරීම සදහා මහජනතාව විසින් අප වෙත ලබා දෙන පැමිණිලි මහත් පිටුවහලක් වන අතර, ඒ සදහා පැය 24 පුරා ක්‍රියාත්මක 1913 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ මෙන්ම 011 2 877 688 අංකයට ෆැක්ස් මගින් ද, [email protected] විද්‍යුත් තැපෑල මගින් ද එම පැමිණිලි ඉදිරියටත් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත යොමු කරන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments