මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍ය ව සිටි නීතියෙ ඇසට වැලිගසමින් සිටි කට් ඉෂාර නැමැති පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි /මත්ද්‍රව්‍ය නාශක/සංවිධානාත්මක අපරාධ )සාගර කුලසේකර මහතාගෙ උපදෙස් හා මෙහෙයවීමෙන් වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (30) කඩුවෙල පොලිස් වසමේ නාගහමුල්ල වත්තට හැරෙන හන්දිය අසල දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ඉකුත් (26) නියන්ගොඩ රන්කොත්ගෙදර හර්ෂ මදුෂාන් ජානක නොහොත් අංජු යන පුද්ගලයා පුද්ගලයන් පිරිසක් විසින් පැහැරගෙන ගොස් පහර දී තියුණු ආයුධ වලින් කපා තුවාල සිදු කර ගිනි අවියකින් ඔහුගේ මුඛයට වෙඩිතබා කඩුවෙල පොලිස් බල ප්‍රදේශයේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ දමා ගොස් තිබු සිදුවීම සම්බන්ධයෙන් සැකපිට වයස අවුරුදු 31 ක නගහමුල්ල පාර, කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි කට් ඉෂාර නැමැති පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 220, මෝටර් රථ 01, කඩු 01, මන්නා 01, ජංගම දුරකථන 01 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කඩුවෙල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මිළ අධික වාලමිපුරියක් සමග සැකකරුවෝ දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක එච්.පි.එම්.එස්.කේ. වීරක්කොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (29) වන දින කටුනායක පොලිස් වසමේ හීනටියන ග්‍රාමිය බැංකුව ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී පැය 1300 ට මිළ අධික වාලමිපුරියක් අලෙවි කිරිම සදහා සන්තකයේ තබාගෙන සිටි මිණුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක් සහ 20ක් වන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
දිගු කලෙක පටන් පාසල් ලමුන්ට මාවා විකුණු පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය කටුකුරුන්ද පුහුණු පාසලේ මෙහෙයුම් අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කටුකුරුන්ද පුහුණු පාසලේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී අතුල රත්නායක මහතාගේ මගපෙන්වීම මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල මාරපන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (29) කළුතර දකුණ පොලිස් වසමේ මහ හීනටියංගල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී පාසල් සිසුන් ඉලක්කකර සිදු කරගෙනයනු ලබන මාවා මත්ද්‍රව්‍ය ලග තබාගැනීම, සකස් කිරීම සහ මුදලට අලෙවි කිරීම සිදු කරන ලද කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. මෙහිදි මාවා කිලෝ ග්‍රෑම් 06 ග්‍රෑම් 200 සමග මාවා සකස් කිරීමට ගන්නා හුණු දියර ටින් 02ක් සමග වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ව්‍යාජ අංක තහඩු සහිත රථයකින් ගොස් සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා මංකොල්ල කෑමට සැරසුනු පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.පි.බි. රාජනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (29) වත්තල පොලිස් වසමේ අංක 224, අරලිය රෙස්ටුරන්ට්, වෙරළ පාර, ලන්සියාවත්ත, වත්තල යන ලිපිනයේදී වැටලීමක් සිදුකර ව්‍යාජ අංක තහඩු සවිකර රතු පැහැති ලෑන්ඩ්කූසර් වර්ගයේ රථයකින් පැමිණ ව්‍යාජ පිස්තෝල අවියක් පෙන්වා පුද්ගලයින් පිරිසක් බියගන්වා මරණ තර්ජන එල්ලකොට යම් අපරාධමය ක්‍රියාවක් කිරිමට තැත්කල පුද්ගලයකු නිවසක සවිකර තිබු සීසීටීවී කැමරා පද්ධතිය මගින් ලබා ගන්නා ලද සීසීටීවී දර්ශන ඔස්සේ සිදු කරන ලද විමර්ෂනයකින් අනතුරුව ජා ඇළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම පුද්ගලයා සන්තකයේ තිබී ව්‍යාජ පිස්තෝල අවි 01, අංක WP PU – 0370 දරණ ව්‍යාජ අංක තහඩු සවි කරන ලද රතු පාට ටොයෝටා වර්ගයේ ලෑන්ඩ්කූසර් රථ 01, අංක CP PV – 6442 දරණ රතු පාට ටොයෝටා වර්ගයේ ලෑන්ඩ්කූසර් රථයේ ලියාපදිංචි අංක තහඩු 02, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.