22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්මුදල් අමාත්‍යාංශයෙන් අලුත් චක්‍රලේඛයක්

මුදල් අමාත්‍යාංශයෙන් අලුත් චක්‍රලේඛයක්

රජයේ ආයතන විසින් විවිධ උත්සව සඳහා කරන වියදම් අත්හිටුවීමට අදාළ චක්‍රලේඛය ලබන වසර සඳහා ද වලංගු වන පරිදි මුදල් අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් 2023 වර්ෂය තුළ වියදම් දැරිම සඳහා බලය දීම සහ රාජ්‍ය වියදම් කළමනාකරණය යන මැයෙන් මෙම නව චක්‍රලේඛය නිකුත් කර ඇත.

ඒ අනුව ලබන වසරට රාජ්‍ය ආයතන, වාර්ෂික අයවැය ඇස්තමේන්තු මගින් වෙන්කර දී ඇති ප්‍රතිපාදන සීමාවන් නොඉක්මවන පරිදි වියදම් කළමනාකරණය කර ගැනීම, නිලධාරින්ගේ වගකීම බව තරයේ අවධාරණය කර තිබේ.

පවත්නා අර්බුදකාරි වාතාවරණය හේතුවෙන් 2023 වර්ෂයේදී රජයේ වියදම් දැරීම අන්කවරදාටත් වඩා විචක්ෂණශීලීව සිදුකළ යුතු බවත් රජයේ ආයතන විසින් විවිධ උත්සව සඳහා කරනු ලබන වියදම් අත්හිටුවිම යන මැයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛ විධිවිධාන තවදුරටත් දැඩිව පිළිපැදිය යුතු බව නව චක්‍රලේඛය මගින් පෙන්වා දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments