26.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්ගාලු මුවදොර ජාතික ධජය එසවීම සහ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය...

ගාලු මුවදොර ජාතික ධජය එසවීම සහ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය නාවික හමුදාව භාර ගනී

ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් නාවික හමුදාව වෙත භාර ගැනීම 2022 දෙසැම්බර් මස 31 වන දින සහ අද දින (2023 ජනවාරි 01) කොළඹ ගාලු මුවදොරදී සහ නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

ඒ අනුව, ඉදිරි මාස 03 ක කාලසීමාවක් මෙම ගාලු මුවදොර ජාතික ධජය එසවීමේ හා ආචාර සමාචාර සිදු කිරීමේ රාජකාරීන් සහ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරයේ රාජකාරීන් ශ්‍රී ලංකා‍ නාවික හමුදාව විසින් සිදු කරනු ලබන අතර, මෙම විශේෂ රාජකාරීන් අධීක්‍ෂණය ශ්‍රී ලංකා‍ නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරී විසින් සිදු කෙරෙනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments