28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeUncategorizedකොළඹ උද්ධමනය තවදුරටත් පහළට

කොළඹ උද්ධමනය තවදුරටත් පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 නොවැම්බර් මාසයේ පැවති සියයට 61.0හි සිට 2022 දෙසැම්බර් මාසයේ දී සියයට 57.2ක් දක්වා පහළ ගියේය.

එම ප්‍රවණතාවම අනුගමනය කරමින්, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 නොවැම්බර් මාසයේ පැවති සියයට 73.7හි සිට 2022 දෙසැම්බර් මාසයේ දී සියයට 64.4 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 නොවැම්බර් මාසයේ පැවති සියයට 54.5හි සිට 2022 දෙසැම්බර් මාසයේ දී සියයට 53.4 දක්වා පහළ ගියේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments