27 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්police newsනිධානයකින් ලබාගත් මැණික් යොදා තිබු චෛත්‍යක් රුපියල් කෝටි සීයයකට අලෙවි කිරීමට සූදානම්...

නිධානයකින් ලබාගත් මැණික් යොදා තිබු චෛත්‍යක් රුපියල් කෝටි සීයයකට අලෙවි කිරීමට සූදානම් කර තිබෙද්දි එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

රුපියල් කෝටි 100ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ නිධානයකින් ගත් මැණික් ගල් ඔබ්බවන ලැබු වෛත්‍යක් සමග සැකකරුවෝ දෙදෙනකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සිදුකර ඇත.
විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ III හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) ඩි.එස්. කුලසේකර මහතාගේ මඟ පෙවන්වීම මත විශේෂ මෙහෙයුම් අංශ III හි ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඒ.එන්.ටී. කුමාර් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (09) වේයන්ගොඩ පොලිස් වසමේ අංක 101/17 සෙන්ට්‍රල් පාර්ක්, යටගම යන ස්ථානයේ දී වැටලීමක් සිදුකර රුපියල් කෝටි 100ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ නිධානයකින් ගත්තේ යැයි සැක සහිත පුරාවිද්‍යා වටිනාකමින් යුත් මැණික් ගල් ඔබ්බවන ලද වෛත්‍යක් සමග පස්ඇල්ල
කෝන්ගල සහ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක් සහ 34 ක් වන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වේයන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

රුපියල් ලක්ෂ 13කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සමග පුද්ගලයකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ I හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) ඩි.එස්. කුලසේකර මහතාගේ මඟ පෙවන්වීම මත විශේෂ මෙහෙයුම් අංශ I හි ස්ථානාධිපති පොලිස් පරික්ෂක පී.කේ.ඩි.ආර්.ඒ.කේ. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (09) වැල්ලම්පිටිය පොලිස් වසමේ වැල්ලම්පිටිය කාගිල්ස් ෆුඩ්සිටි ඉදිරියේ ඇති food point වෙළද සැල ඉදිරිපිට ඇති බස් නැවතුම අසල දී වැටලීමක් සිදුකරලක්ෂ 13කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සමග කඩවත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අයිස් මත්ද්‍ර‍ව්‍ය, දේශිය නිෂ්පාදිත ජීව අත්බෝම්බ සහ කඩු සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනකු කුරුවිට ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය පූගොඩ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පූගොඩ කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක එච්.ඩී. සංජීව ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (09) කුරුවිට පොලිස් වසමේ අංක 53/ඒ/2, නැගෙනහිර මුදුන්කොටුව, පරකඩුව යන ලිපිනයේ දී වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑ. 12 මි.ග්‍රෑ. 750, දේශිය නිෂ්පාදිත ජීව අත්බෝම්බ 02ක් සහ කඩු 06 සන්තකයේ තබාගෙන සිටි ඇඹිලිපිටිය සහ තලාවිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43ක් සහ 47 ක් වන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කුරුවිට පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

නීති විරෝධී ලෙස අක්කර 03 ක ගංජා වගාකල පුද්ගලයින් තිදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සහකාර පොලිස් අධිකාරී දයාරත්න මහතාගේ මඟ පෙන්වීම මත බුත්තල කඳවුරේ කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක එම්.බී.එමි.ජේ.එස්. බණ්ඩාර ඇතුළු කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් (08 කතරගම පොලිස් වසමේ වෙහෙරගල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර නීති විරෝධී ලෙස අක්කර 03 ක පමණ භූමි ප්‍රමාණයක වගා කර තිබූ අඩි 09 ක් පමණ උස ගංජා ගස් 50,520 ක් වගාකර තිබූ ගංජා හේනක් හා මෙරට නිෂ්පාදිත වෙඩිබෙහෙත් කොටන තුවක්කුවක් සමඟ තණමල්විල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන සැකකරුවන් හා තුවක්කුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කතරගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. ගිනි අවිය ළඟ තබාගත් සැකකරු මීට පෙර ද T56 වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගැනීම සමිබන්ධයෙන් තණමල්විල පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇපමත සිටි පුද්ගලයකු වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments