විශේෂ කාර්ය බලකාය කන්තලේ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව (07) බුද්ධි තොරතුරක් මත කන්තලේ රෝහල් පරිශ්‍රය තුල දී කේරළ ගංජා ග්‍රෑම් 305, මිලි ග්‍රෑම් 250 ක් සන්තකයේ තබාගෙන සිටි රෝහල් කණිෂ්ඨ සේවකයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කන්තලේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මොහු මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 38 ක පුද්ගලයෙකි.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ඩී.ඩී.කේ. හෙට්ටිආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී ඩබ්.වී.ආර්.එම්. අබේසේකර මහතාගේ මඟ පෙන්වීම මත විශේෂ කාර්ය බලකාය කන්තලේ කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එචි.එමි.ජේ. හේරත් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
කන්තලේ රෝහලේ කණිෂ්ඨ සේවකයා කේරළ ගංජා සමග විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
RELATED ARTICLES