29.1 C
Sri Lanka
Monday, May 12, 2025
Homeදේශීය පුවත්police newsනීතිවිරෝධි ගංජාහේනක් සහ තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වු වල්නාශක තොගයක් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

නීතිවිරෝධි ගංජාහේනක් සහ තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වු වල්නාශක තොගයක් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

නීති විරෝධී ලෙස අක්කර 2 ½ ක ගංජා වගාකල පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
විශේෂ කාර්ය බලකාය කතරගම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.ඒ.වී. දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී ඩබ්.ඒ.ඒ.පී.එස්. කුමාර මහතාගේ මඟ පෙවන්වීම මත කතරගම කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක ආර්.ජි.එස්. ප්‍රියංකර ඇතුළු කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් (10) මත්තල පොලිස් වසමේ මත්තල ගුවන්පාලම අසන්න ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර නීති විරෝධී ලෙස අක්කර 2 ½ ක පමණ භූමි ප්‍රමාණයක වගා කර තිබූ අඩි 4 ½ ක් පමණ උස ගංජා ගස් 18,956 ක් වගාකර තිබූ ගංජා හේනක් සමඟ සුරියවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කතරගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද වල් නාශක තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු ජා ඇල ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ඒකල ගුවන් හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය මත ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක‍ එච්.පී.එම්.එස්.කේ. වීරක්කොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (10) ජා ඇල පොලිස් වසමේ දඩුගම (Food City) ඉදිරිපිට දී වැටලීම සිදුකර තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද Anu71 වර්ගයේ 100g අඩංගු වල්නාශක පැකට් 4,250 ක් බලපත්‍ර නොමැතිව ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කිරුළුපන ප්‍රදේශයේ වයස අවුරුදු 33 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජා ඇල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments