25.6 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය නීතිවිරෝධි විදේශ රැකියා නියෝජිතායතනය වටලයි...

වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය නීතිවිරෝධි විදේශ රැකියා නියෝජිතායතනය වටලයි…

ශ්‍රි ලාංකිකයින් රැකියා සඳහා යොමුකිරීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් රැකියා නියෝජිතායතන වෙත ලබාදෙන බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය විදේශ රැකියා ඒජන්සි ආයතනයක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් පසුගියදා වැටලීම් කරන ලදී.

ඩුබායි රාජ්‍යයේ රැකියාවක් ලබාදීම සඳහා තිරුක්කෝවිල් ප්‍රදේශයේ තරුණයෙකුගෙන් රු.450,000 ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදීම හේතුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.

එම ස්ථානය වටලන අවස්ථාවේදී තරුණියන් දෙදෙනෙකු සේවයේ යෙදී සිට ඇති අතර, ඔවුන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබාගෙන මුදාහැර ඇත. පසුව දෙසැම්බර් 27 වන දින මෙම රැකියා නියෝජිතායතනයේ හිමිකරු හා කළමනාකරු, විශේෂ විමර්ශන අංශයට පැමිණ භාරවී ඇති අතර, ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන එදින තලංගම පොලිසියේ රඳවා තබා පසුදින මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. සැකකරුවන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහරින ලද අතර, තිරුක්කෝවිල් ප්‍රදේශයේ පදිංචි තරුණයාගෙන් ලබාගත් රු 450,000 ක මුදල වාරික දෙකකින් ඔහුට ආපසු ගෙවන ලෙසට නියෝග කර  විදේශ ගමන් තහනමක්ද පනවන ලදී.  වැඩිදුර නඩු විභාගය ජනවාරි මස 23 දින පැවැත්වීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මෙම ආයතනයට එරෙහිව තවදුරටත් පැමිණිලි ලැබෙමින් පවතින අතර දැනටමත් පැමිණිලි අටක් ලැබී  ඇත. 

විදේශ රැකියා වලට යාමට ඒජන්සි ආයතන වලට මුදල් සහ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැය 24 තොරතුරු මධ්‍යස්ථානය අමතා හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk යන වෙබ් අඩවියට පිවිස අදාළ ඒජන්සි ආයතනයේ නීත්‍යානුකුල භාවය තහවුරුකරගන්නා ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම වැටලීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ එම්.කේ.සුමනවීර, නාලක මාමල්ගහ, ශ්‍රිනිකා කරුණාරත්න, එම්.සී.ජානකී යන නිළධාරීන් එක්විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments