26.2 C
Sri Lanka
Thursday, June 26, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපතිවරයා වශයෙන් ඒ.ඒ.එම්.හිල්මි මහතා ඉකුත්...

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපතිවරයා වශයෙන් ඒ.ඒ.එම්.හිල්මි මහතා ඉකුත් නිල වශයෙන් රාජකාරි ආරම්භ කරන ලදී.

ඒ මහතා මෙයට ඉහතදී ද කාර්යාංශයේ සභාපති තනතුර හොබවමින් මැනවින් සේවය ඉටුකිරීමට දායක වූවෙකි.

බහුමාධ්‍ය පරිගණක තාක්ෂණය පිළිබඳව එංගලන්තයේ ස්ටැෆර්ඩ්ෂර් විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී ගෞරව උපාධිධාරියෙකු වන හිල්මි මහතා ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇත. මෙයට අමතරව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂක තනතුර ද දරා ඇති අතර, එස්.එම්.ඒ.අසීස් බ්‍රදර්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරයෙකුද වේ. එයට අමතරව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කළමනාකරණය හා මූල්‍ය ක්ෂේත්‍රය තුළ වසර 10ක කැපී පෙනෙන වෘත්තිකයෙක් ලෙස ද කටයුතු කර ඇත.

මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ශ්‍රS ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ, අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් සහ කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක යන මහත්වරුන් ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments