28.1 C
Sri Lanka
Sunday, May 11, 2025
Homeදේශීය පුවත්police newsදළ ඇතුන් මරා ගජමුතු ගන්නා ජාවාරමක් හා මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට ගෙන...

දළ ඇතුන් මරා ගජමුතු ගන්නා ජාවාරමක් හා මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට ගෙන තිබේ.

ජාතික සමිපතක් වන දළ ඇතුන් මරා,ගන්නා ලැබු ගජමුතු සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අක්කරපත්තුව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී බන්දුසිරි මහතාගේ මග පෙන්වීම මත විශේෂ කාර්ය බලකාය අක්කරපත්තුව කඳවුරේ කදවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඩබ්.ඩි. ජයන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (02) කල්මුණ පොලිස් වසමේ කල්මුණ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර මෙරට ජාතික සමිපතක් වන සහ වද වී යාමේ තර්ඡනයට ලක්ව සිටින දළ ඇතුන් මෙලෙස මරා, ගන්නා ලද ගජමුතු 04 ක් සන්තකයේ තබාගෙන සිටි ධීවරගම, කන්තලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක් වන පුද්ගලයෙකු මහත් පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සමන්තුර වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දී ඇත.

පෑලියගොඩ මැනිං මාර්කට් එකට හෙරොයින් ලබා දෙන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදිපෑලියගොඩ මැනිං මාකට් එකට නිරතුරුවම හෙරොයින් බෙදන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් ලද තොරතුරු අනුව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (03) පෑලියගොඩ පොලිස් වසමේ අංක 14, ඥාණරතන මාවත, පෑලියගොඩ ලිපිනයේ දී වැටලීමක් සිදුකර හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08, මිලි ග්‍රෑම් 620 ක් හා මුදල් රුපියල් 13,000 ක්, ජංගම දුරකථන 02 ක් සමඟ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක පුද්ගලයකු හා පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 75 ක් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙම පුද්ගලයන් පෑලියගොඩ මැනිං මාර්කට් එකට හෙරොයින් සපයන ජාවාරම් කරුවන් දෙදෙනෙකු වේ.

කොකේන් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව යාපනය කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ආර්.එම්. සුමනවර්ධන මහතාගේ මගපෙන්වීම අනුව යාපනය කඳවුරේ උප පොලිස් පරික්ෂක ටී.එම්.පී.බී. තෙන්නකෝන් ඇතුළු කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් (03) යාපනය පොලිස් වසමේ යාපනය, කරෛයිනගර්, මිනාච්චි අම්මන් කෝවිල් හංදියේ දී වැටලීමක් සිදුකර කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 54 ක් සන්තකයේ තබාගෙන සිටි මුර්පාර, මන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය 11 හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක ටී.එන්. ධර්මවර්ධන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (03) එගොඩ උයන පොලිස් වසමේ අංක 21/03/ඒ, නදී මාවත, කටුකුරුන්ද දකුණඑ, එගොඩ උයන, මොරටුව ලිපිනයේ දී වැටලීම සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 650 ක් සන්තකයේ තබාගෙන සිටි එගොඩ උයන, මොරටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47, ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එගොඩ උයන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සරසවි පටුමගේ කැළුම් යන අයගේ ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ පොලිස් පරික්ෂක ආර්.එම්.ඒ.පී.බී. රාජනායක නිලධාරීන් කණ්ඩායමක් (02) මොරගස්මුල්ල හන්දියේ දී වැටලීම සිදුකර ඇත.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සරසවි පටුමගේ කැළුම් යන පුද්ගලයාගේ ඥාතියකු හා එම ජාවරම්කරු සමග සෘජුව සම්බන්ධතා පවත්වම්න් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලෙන මොරගස්මුල්ල, රාජගිරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිකඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

හෙරොයින් සන්තකයේ තබාගෙන ජාවාරම් කළ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එස්.පි. ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (02) කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ අංක 47/2, පල්ලිය වීදිය, කොළඹ 02 ලිපිනයේ දී වැටලීමක් සිදුකර හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18, මිලි ග්‍රෑම් 570 ක් හා ජාවාරමින් උපයාගන්නා ලද මුදල් රුපියල් 22,250 ක්, සමඟ පල්ලිය විදිය, කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments