මේ පළමුවැනි වතාවට අවුරුදු 3ක් වයසැති අලුත් පක්ෂය අලුත් ගමන අලුත් නායකත්වය, අලුත් දර්ශනය හා වැඩපිළිවෙළ ජනතාවට ඉදිපරිත් කරනවා. ඒ නිස මම හිතනවා කවුරුත් අමනාප නොවේ කියලා. අපි බිහි කරන සභා නොනිදන සභා බවට පත් කරනවා. ප්‍රාදේශීය සභා නගර සභා ජංගම සේවා වැඩසටහන ක්‍රියාත්මක කරලා සභා රැස්වීම නොපවතින දිනවල සභාපති උපසභාපති මන්ත්‍රීවරැ මන්ත්‍රීවරියන් ගමේ නගරයේ කුඩා ගම්මානයේ ග්‍රාම සේවා වසමේ ජංගම සේවා හරහා ජනතා ප්‍රශ්න විසදීමෙන්බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කුරුණෑගලදි පවසයි.
ඒ වගේම අපි බිහි කරන පළාත් පාලන ආයතන ස්මාර්ට් කවුන්සීල් හෙවත් සුහුරු සභා බවට පත් කරනවා. පුනර්ජනනීය බල ශක්තිය සූරිය බල ශක්තිය සභා බල ප්‍රදේශයේ ක්‍රියාත්මක වැඩපිළිවෙළ දියත් කරන කේන්ද්‍රස්ථානය බවට පත් කරනවා. සභා බල ප්‍රදේශවල නිවෙස්වල වහල උපයෝගී කර ගෙන සුරිය බල ශක්තිය හරහා ඔබ නිවාසේ විදුලි පාරිභෝජනයට අවැසි ශක්තිය ලබා දීලා අතිරික්තය විදුලි බල මණ්ඩලයට අලෙවි කර විදුලිය පමණක් නොව ආලෝකය පමණක් නොව බලශක්තියය පමණක් නොව ආදායම් මාර්ගයකුත් ඇති කරනවා.
බොහෝ දෙනෙක් මගෙන් ඇහුවා සමගි ජන බලවේගයේ මංගල රැළිය පවත්වන්නේ කුරුණෑගල නගරය තෝරා ගත්තේ ඇයි කියලා? මම මතක් කරන්න කැමතියි මේ රටේ උදා ගම් ව්‍යාපාරය නිවාස ලක්ෂය දසලක්ෂය පහලොස්ලක්ෂය ජගත් නිවාස වැඩසටහන වැනි හැම දෙයක්ම එදා රණසිංහ ප්‍රේමදාස මහත්තයා අරම්භ කළේ මේ ඓතිහාසික කුරුණැගල දිස්ත්‍රික්කයෙන්. කුරුණැගල දිස්ත්‍රික්කයේ ආරම්භ කළ ඒ නිවාස වැඩසටහන අතිසාර්ථකව එතුමා ක්‍රියාත්මක කළා. ඒ නිසා මම විශ්වාස කරනවා කුරුණැගල දිස්ත්‍රික්කයෙන් රණසිංහ ප්‍රේමදාස ප්‍රතිපත්ති රජකරවන කුරුණැගල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේග ගමන අපේ මේ ගමන පොදු ජනතාවගේ ගමන පොඩි මිනිහාගේ ගමන ලංකාවාදී ලක්ෂ 220ම දිනවන ගමනක් ලෙස අවසන්ව මුළු රටම දිනවනවා කියාලා කියන්න කැමැතියි.
බොහෝ දෙනා පුන පුනා බලාපොරොත්තු වෙලා ඉන්නවා කොහොමද අපි මේ මර උගුලෙන් ගොඩ එන්නේ කොහොමද අපි මේ බංකොලොත් රට පොහොසත් රටක් බවට පත් කරන්නේ කියලා. ආදරණීය මිත්‍රවරුනි අපි හැමෝම දන්නවා 1920 දශකයෛ් 1930 දශකයේ ලෝකයේ ආර්ථික අවපාතයක් තිබුණා. ද ග්‍රේට් වර්ඩ් ඩිප්‍රෙෂන් කියලා ඒකට කිව්වේ. එයින් එක රටක විතරක් නෙමෙයා බොහෝ රටවල් බංකොලොත්වෙලා කඩා වැටුනත් ඒ රටවල් ගොඩ ආවා. ඒ ආර්ථිකය වර්ධනය කරලා උත්තේජක දීලා විශාල කරලා ශක්තිමත් කරලා ආයෝජන වැඩි කරල අපනයන වැඩි කරලා රටවල් ගොඩ නැගුවා. ධන ශක්තිය මූල්‍ය ශක්තිය ශක්තිමත් කලා. ඒ නිසා මේ මාතෘභූමියේ ජනතාවට කියන්න කැමතියි ලෝක ආර්ථිකය අවපාතයට යද්දි ප්‍රෑන්ක්ලීන් ඩෙලානෝ රූස්වෙල්ට් ජනාධිපතිවරයා නිව් ඩීල් වැඩසටහන යටතේ ඇමෙරිකා එක්සත් ජනපදයට නව වැඩපිළිවෙළක් නව බලාපොරොත්තුවක් ක්‍රියාත්මක කළා. අපිත් මිත්‍රවරුනි සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කේන්ද්‍ර කර ගත් මේ රට් සියලුම ජනයාට භුක්ති විදිය හැකි ආර්ථීක වර්ධනයක් ආර්ථික සෞභෘග්‍යයක් බිහි කිරීමේ ප්‍රධාන වෙඩිමුරය පළාත් පාලන මැතිවරණ ජයග්‍රහනයත් සමඟ ක්‍රියාත්මක කරනවා කියලා කියන්න කැමතියි.
කොහොමද අපි ආර්ථීකය ශක්තිමත් කරන්නේ? ඒ ආර්ථිකය ශක්තිමත් කිරීමට නව ආයෝජකයෝ ලබා ගත යුතු යි. ලෝකයේ තිබෙනවා ෆෝචූන් ෆයුහන්ඩර්න්ඩ් කම්පැනීස්. ධනවත් පුද්ගලයන් ධනයත් ආයතන අපි අපේ මාතෘභූමිය ආයෝජන පාරාදීසයක් බවට පත් කරන්න ඕන. ඒක කරන්න පුළුවන්. දෙපැත්ත පත්තුවෙල විලක්කුවක් තිබිය දී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇගලුම් කම්මල් 200 වැඩපිළිවෙළ ආරම්භ කළා. මෙවර පළාත් පාලන මැතිවරණය දිනලා ඉන්පසුව එන මහමැතිවරණය සහ ජනාධිපතිවරණය දිනලා අනිවාර්යෙන්ම අපේ මාතෘභූමිය මහපොළොවේ ඩිජිටල් විප්ලවයටකට යොමු කරවා ඩිජිටල් ආර්ථිකයක් තුළින් අපේ මාතෘභූමිය සෞභාග්‍යසම්පන්න කරලා මේ රටේ විහිදිලා තිබෙන දුප්පත් කම තුරන් කරන්නට අපි ඇපකැපවෙනවා මිත්‍රවරුනි.
හිතාදර මිත්‍රවරුනි
ඇත්තවශයෙන්ම රට ගොඩගන්නට නම් අපි අලුත් මාවතට ප්‍රවේශ විය යුතු යි. අලුත් ගමනක් අලුත් දර්ශනයක් පිළිපැදිය යුතුයි. අලුත් කණ්ඩයමක් ශක්තිමත් නායකත්වයක් ඕන. කතා කරනවා වගේම වැඩ වැඩ කරනවා වගේම පසු විපරමක් සිදු කරන්නත් ඕන. ඒ වගේම වැරදි හදාගන්නත් ඕන. මේ ක්‍රමවේදය තුළ අපිට හොද ගමනක් යන්න හැකියා.
මම පොරොන්දු වෙනවා අපේ රජයයක් තුළ ඩිජිටල් තාක්ෂණය ආටිෆිෂල් ඉන්ටේරලිජන්ට් ඔක්මන්ටඩ් රියැලටි බිග් ඩේටා වැනි නව සංක්ලප හරහා නූතනවාදී දියුණු ශක්තිමත් දුප්පත් කම තුරන් කළ කුඩා මධ්‍ය හා මහා පරිමාණයේ කරුුමාන්තකරාවා ඇතුළු සෑම සියලු දෙනාම එක්ක මුළු ජන සමාජයම ගොඩගන්න ඔබ අප සියලු දෙනාම එකට එකතු වී සමගි ජන බලවේග රජයක් බිහි කිරීමෙ ලොකුම වෙඩි මුරය පළාත් පාලන මැතිවරණය ජය ග්‍රහනය තුළින් සාක්ෂාත් කරන්න කියා ඉල්ලීමක් කරනවා.