26.7 C
Sri Lanka
Tuesday, August 12, 2025
Homeදේශීය පුවත්police newsනිතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදි සිටි කාන්තාවෝ දෙදනකු හා තවත් අයකු එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

නිතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදි සිටි කාන්තාවෝ දෙදනකු හා තවත් අයකු එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

මැනිං වෙළද සංකිර්ණය තුල හෙරෝයින් ජාවාරම් කළ කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලිම් සහ අත්අඩංගුවට ගැනිම් සිදුකර තිබේ.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ උප පොලිස් පරීක්ෂක පි.ජි.එස්.පි. විද්‍යාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (04) පැලියගොඩ පොලිස් වසමේ අංක 189/6/11/ඩි, මීගහවත්ත පාර, වැලිපාර, පැලියගොඩ ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී මැනින් වෙළද සංකිර්ණය තුල මත්ද්‍රව්‍ය බෙදාහැරිම් කටයුතු සිදුකරනු ලබන පැළියගොඩ, වැලිපාර ප්‍රදේශයේ වයස අවුරුදු 50 ක කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 03, මිලි ග්‍රෑම් 50 ක් හා මුදලින් රුපියල් 6,000.00 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පැළියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
කේරළ ගංජා සමග කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.පි.බි. රාජනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (04)දෙමටගොඩ පොලිස් වසමේ අංක 126/9, ආරාමපාර, දෙමටගොඩ, කොළඹ 09 ලිපිනය පිහිටි නිවස පිටුපස දී වැටලීම සිදුකර සංවිධානාත්මක අපරාධකාරියක හා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වන කුඩු සෙල්වි නැමැත්තියගේ පුතෙකු වන පලනි ශිරාන් යන අය සමග සමීප සම්බන්ධකම් පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු දෙමටගොඩ පදිංචි වයස අවුරුදු 48 ක කාන්තාවක් කේරළ ගංජා කිලෝ 04, ග්‍රෑම් 230 සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ උප පොලිස් පරීක්ෂක එල්.බි.ඒ. මධුසංක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (04) මල්වතුහිරිපිටිය පොලිස් වසමේ ඌරුවල, සභාව විහාරය ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10, මිලි ග්‍රෑම් 750 ක් සන්තකයේ තබාගෙන සිටි කොළඹ 12 පදිංච් වයස අවුරුදු 22 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments