22.3 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්මහර බන්ධනාගාර ගැටුම - තවත් රැඳවියෙක් මරුට - කොවිඩ් ආසාදිතයින් ඉහළට

මහර බන්ධනාගාර ගැටුම – තවත් රැඳවියෙක් මරුට – කොවිඩ් ආසාදිතයින් ඉහළට

මහර බන්ධනාගාරය තුළ සිදුවූ ගැටුම්කාරී තත්ත්වයේදී තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර සිටි තවත් බන්ධනාගාර රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ අනුව එම සිදුවීමෙන් මියගිය රැඳවියන් ගණන 9කි. රාගම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසුවේ, බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තවත් 108 දෙනෙකු ප්‍රතිකාර ලබන බවය.

මේ අතර එසේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ රැඳවියන් සඳහා සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවලදී තවත් 12 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

ඊයේ ද ආසාදිතයින් 26 දෙනෙක් හඳුනාගනු ලැබීය. ඒ අනුව ප්‍රතිකාර සඳහා යොමුකළ බන්ධනාගාර රැඳවියන් 38 දෙ‍නෙකුට මේ වන විට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments