කොරෝනා ප්‍රතිකාර ඒකකයක් ලෙස ක්‍රියාත්මක හෝමාගම මූලික රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් කම්කරු අමාත්‍යංශය විසින් පසුගිය දා (24) එම රෝහලට පරිත්‍යාග කරන ලදි.
එම අවස්ථාවට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා,අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ,ජාතික රැකියා සුරක්ෂිතතා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චම්පිකා අමරසිංහ මිය,හෝමාගම රෝහලේ අධිකාරි වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා ද එක් වූහ.