අලෙවි කිරීමට සැකසූ ව්‍යාජ රත්ත්‍රන් සහ ව්‍යාජ කේරළ ගංජා සමග පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය කිලිනොච්චිය කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී – යාපනය ජේෂ්ඨ පොලිස් අධිකාරි කේ.ආර්.එම්. සුමණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි කොඩිතුවක්කු මහතාගේ මෙහෙයවීම මත කිලිනොච්චිය කදවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක ඒ.ඩී.සී.එස්. රත්නායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (17) කිලිනොච්චිය පොලිස් වසමේ තිරුනගර් විදිය, කනගපුරම් ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර රන් කැබලි ලෙස ව්‍යාජ ආකාරයට සකස් කර අලෙවි කිරිමට සුදානම් කල ව්‍යාජ රත්ත්‍රං කැබලි 42 ක් සහ එම රන් කැබලි ව්‍යාජ ආකාරයෙන් සකස් කිරීමට යොදාගන්නා උපකරණ සහ කේරළ ගංජා ලෙස සකස් කර තණකොල පුරවන ලද කිලෝ 03, ග්‍රෑම් 722 ක් බර පාර්සල් 02 ක් සමග තිරුනගර් පාර, කනගපුරම් සහ මුල්ලෙයාවේලි, කිලිනොච්චිය ප්‍රදේශයන් වල පදිංචි වයස අවුරුදු 42 ක් වන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිලිනොච්චිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
පෙතියගොඩ සංඛගේ සමීපතමයෙකු ලක්ෂ 30 කට අධික වටිනාකමක් ඇති හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ iii හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මෙහෙයවීම මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ iii හි උප පොලිස් පරීක්ෂක ඒ.එච්.ඕ.එස්. සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (17) පෑලියගොඩ පොලිස් වසමේ නුවර කොළඹ මාර්ගයේ පට්ටිය හන්දිය යන ස්ථානයේ දී වැටලීම් සිදුකර
පෑලියගොඩ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කොතලාවල ලියනගේ හර්ෂ චතුරංග නොහොත් පෙතියගොඩ සංඛ නැමැත්තාගේ සමීපතමයෙකු වන පට්ටිය හන්දිය, කැළණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයකු ලක්ෂ 30 කට අධික වටිනාකමක් ඇති හෙරොයින් ග්‍රෑම් 101 ක් ජංගම දුරකථනයක්, ඩිජිටල් තරාදියක් සහ ජාවාරමෙන් උපයා ගන්නා මුදල් රුපියල් 7000 ක මුදලක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන මයිකල්ගේ ගෝලයෙකු හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (17) ඌරගස්මංහන්දිය පොලිස් වසමේ යටගල මධ්‍ය මහා විද්‍යාලය අසල අතුරු මාර්ගයේ දී වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 03, මි.ග්‍රැම් 170 ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ගමන් කරමින් සිටි හිපන්කන්ද, නවදගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29, පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.සැකකරුගෙන් වැඩිදුරටත් සිදු කල ප්‍රශ්න කිරීමේ දී සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන ප්‍රදීප් කුමාර ජයවර්ධන නොහොත් මයිකල් නැමැත්තාගේ ඥාතියකු වන අතර සැකකරු මෙම මයිකල් නැමැත්තා සමග සමීප සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලෙන බවට වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත.
සංවිධානාත්මක අපාරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩුබායි ජුඩ් නැමති යන අයගේ ප්‍රධාන ගෝලයකු රුපියල් කෝටි පහක වටිනාකමකින් යුත් හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරි එච්.එම්. කිර්ති විජේසිංහ මහතාගේ අධික්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ කදවුර අණදෙන නිළධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එම්.එන්.කේ. මාරසිංහ මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ස්ථානාධිපති විශේෂ මෙහෙයුම් ඒකකය පොලිස් පරීක්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (16) කඳාන පොලිස් වසමේ අංක 519/ඒ, එක්සත් මාවත, දකුණු බටගම, කදාන ලිපිනයේ දී වැටලීමක් සිදුකර සංවිධානාත්මක අපාරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩුබායි ජුඩ් නැමති යන අය සමග සමීප සම්බන්ධතා පවත්වමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය සෙහෙයවන කොටහේන, කොළඹ 13 ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 31 ක පුද්ගලයෙකු කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 01 ග්‍රෑම් 500ක් සහ ජංගම දුරකථන 02ක්, සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත වෙත භාර දී ඇත.