29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනවලෝකපුර සේදවත්තේ මත්කුඩු අලෙවි කළ කාන්තාවක් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

නවලෝකපුර සේදවත්තේ මත්කුඩු අලෙවි කළ කාන්තාවක් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

නවලෝකපුර සේදවත්තේ හෙරොයින් විකුණූ කාන්තාවක් හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක ආර්.ඒම්.ඒ.පි.බි. රාජනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (24) ග්‍රැන්ඩ්පාස් පොලිස් වසමේ 20/1/ඊ 01 වන අදියර, නවලෝකපුර, සේදවත්ත යන ස්ථානයේ දී වැටලීමක් සිදුකර ඇත. හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලි ග්‍රෑම් 750 සහ ඉලෙක්ට්‍රෝනික තරාදි 01 ක් සමඟ නවලෝකපුර, සේදවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47 ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රැන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙම කාන්තාව විසින් දීර්ඝ කලෙක පටන් මෙම ප්‍රදේශයේ හෙරෝයින් ජාවාරම සිදුකර ඇත.

කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය දඹුල්ල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මහනුවර කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.එන්.එන්. ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණයෙන් ප්‍රදේශිය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරි ඩි.එම්.යු.කේ. අබේරත්න මහතාගේ මගපෙන්වීම මත විශේෂ කාර්ය බලකාය දඹුල්ල කඳවුරේ කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක එස්.ජි.සි.පි. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (24) අනුරාධපුර පොලිස් වසමේ මාන්කඩවල මංසන්දිය ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 30 ක් සමඟ පණ්ඩුකාභයපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අනුරාධපුර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments