මිනිමැරුමි සහ අපරාධ වලට අවශ්‍යව සිටි අපරාධ කරුවෙකු වන කංචිපානි ඉමිරාන් ගෙ ගෝලයා තියුණු ආයුධ සහ කේරළ ගංජා සමග විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු අත්අඩංගුවට ගැනීම් හා වැටලීම් සිදුකර ඇත. ඒ් අනුව එම කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය I හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවසහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය I හි නිලධාරීන් කණ්ඩායමක් (14) මාලිගාවත්ත පොලිස් වසමේ අංක B/46/G/3, මාලිගාවත්ත මහල් නිවාස, කොළඹ 10 ලිපිනයේ දී වැටලීමක් සිදුකර කේරළ ගංජා ග්‍රෑම් 250 හා තියුණු ආයුධ වන සුදු යකඩ කඩු දෙකක් සන්තකයේ තබාගෙන සිටි කොළඹ 10, මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මාලිගාවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මොහු සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන මාකදුරේ මදූෂ් හා කන්ජිපානි ඉම්රාන් නැමැත්තා සමඟ ඩුබායි රාජ්‍යයේ දී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කරන ලද පුද්ගලයකු බවට වාර්තා වේ. මේ වන විටත් කන්ජිපානි ඉම්රාන් නැමැත්තා සමඟ සමීප සේ ඇසුරු කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බවටත්, සංවිධානාත්මක අපරාධ හා මිනී මැරුම් සම්බන්ධව නඩු කටයුතු පවතින නිතියෙ ඇසට වැලිගසමින් සැගව සිටි පුද්ගලයකු බවටත් තොරතුරු අනාවරණය වී ඇත.
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් ගවමස් ප්‍රවාහනය කල පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය නෙල්ලිඅඩි කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කේ.ආර්.ඒම්. රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරි ඩි.පි.යු. කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය නෙල්ලිඅඩි කඳවුරේ උප පොලිස් පරීක්ෂක ආර්.පී.එස්.ටී. කාන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (14) පේදුරුතුඩුව පොලිස් වසමේ මන්දික්කායි පොදු වෙළදපොළ ආසන්න ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් විකිණීම සදහා ගවමස් කිලෝ ග්‍රෑම් 100 ක් කැබ් රථයක් මගින් ප්‍රවාහනය කරමින් අච්චුවේලි ප්‍රදේශයේ පදිංචි වයස අවරුදු 25 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පේදුරුතුඩුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
රාගමදී කේරළ ගංජා සමග පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කදවුරේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරි එච්.එම්. කීර්ති විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එච්.පි.එම්.එස්.කේ. වීරක්කොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (13) රාගම පොලිස් වසමේ රාගම නගරයේ ගුවන් පාලම අසල දී වැටලීමක් සිදුකර කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 34 ක් සහ ජාවාරමින් උපයාගත් මුදල් රුපියල් 150,500 ක්, යතුරු පැදියක් සමග ජංගම දුරකතනයක් සන්තකයේ තබාගෙන සිටි සෙත්තප්පාඩුව, පමුණුගම ප්‍රදේශයේ පදිංචි වයස අවු. 44 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මහපරිමානයෙන් කේරළ ගංජා අලෙවි කල පුද්ගලයින් දෙදෙනෙකු කේරළ ගංජා සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය කිලිනොච්චිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කේ.ආර්.ඒම්. රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරි ඩි.පි.යු. තොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය කිලිනොච්චිය කඳවුරේ කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක එස්.පි. චමින්ද ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් (13) පලෛ පොලිස් වසමේ අයියකච්චි ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර දීර්ඝ කාලයක් තිස්සේ කේරළ ගංජා අලෙවි කල පුද්ගලයන් දෙදෙනෙකු කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 06 ග්‍රෑම් 095 ක් ජාවාරම් කිරිම සඳහා යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි තාලෙඅඩි, යාපනය ප්‍රදේශයේ පදිංචි වයස අවු. 34 සහ 50 ක් වන පුද්ගලයින් දෙදෙනෙකු යතුරු පැදියක්, ජංගම දුරකතන 03 සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පලෛ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙරටට තීරුබදු අහිමි කරමින් හොර පාරෙන් මෙරටට ගෙන්වූ සිගරැට් තොගයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය 11 හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය 11 හි නිලධාරීන් කණ්ඩායමක් (13) මහාබාගේ පොලිස් වසමේ අංක 658/09, පරන තැපැල් හල පාර, මද්දුමගම, රාගම යන ලිපිනයේ දී වැටලීමක් සිදුකර
එහි දී රුපියල් ලක්ෂ පහලොවක් වටිනා තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද රජයේ අවවාදය සටහන් කර නොමැති අලෙවිය සඳහා සූදානම් කර තිබූ MANCHESTER වර්ගයට අයත් දුම්වැටි 37,400 ක් සමග දබුකන්ද, වේවැල්දෙණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහාබාගේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.