කේරළ ගංජා සන්තකයේ සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
විශේෂ කාර්ය බලකාය දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.ජී.එස්.සී. නිශ්ශංක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්(10) කටුවන පොලිස් වසමේ කටුවන වලස්මුල්ල මාර්ගයේ 18 කණුව හංදියේ දී වැටලීමක් සිදුකර කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 10 ක්, සන්තකයේ තබාගෙන සිටි රණසිංහ ගොඩ, කටුවන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුවන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
හෙරොයින් සන්තකයේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය ii හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය ii හි උප පොලිස් පරික්ෂක එස්.කේ. කාහිංගල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (10) පමුනුගම පොලිස් වසමේ ජයසුරිය වේල්ල, 03 වන පටුමග, පුබුදුගම ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 660 ක්, සන්තකයේ තබාගෙන සිටි ජයසුරිය වේල්ල, පුබුදුගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක සහ 39 ක පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පමුනුගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
නීති විරෝධී මත්පැන් සහ මත්පැන් පෙරීමේ උපකරණ සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අම්පාර ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරි ඊ.ඒ.එම්. දයාරත්න මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ උප පොලිස් පරීක්ෂක ආර්.එම්.එම්. ලක්මාල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (10) බුත්තල පොලිස් වසමේ අන්දමිපවිව, දික්යාය ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී නීති විරෝධී මත්පැන් සහ මත්පැන් පෙරීමේ උපකරණ සමඟ බුත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බුත්තල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
එහිදි නීති විරෝධී මත්පැන් ලීටර් 93ක්,ගෝඩා ලීටර් 50 යික්, තඹ දඟරයක්, හෝස් දෙකක්, ගෑස් සිලින්ඩරයක්, ගෑස් උඳුනක්, බකට් දෙකක්, යකඩ බැරල්එකක් අත්අඩංගුවට ගෙන ඇත.
