ශ්‍රී ලංකා රජය මගින් නිකුත් කරණ ලිපි ලේඛණ වලට සමාන කූඨ ලෙස සකස් කරමින් සිටි රියදුරු බලපත්‍ර,ආදායම් බලපත්‍ර හා විවිධ ලේඛණ සමග පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත බුද්ධි කොට්ඨාශයේ හි පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.පී.බී. රාජනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (03) නාරාහේන්පිට පොලිස් වසමේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල පිටුපස පිහිටි ඇල්විටිගල මාවතේ නිවසක් තුල දී වැටලීමක් සිදුකර ශ්‍රී ලංකා රජය මගින් නිකුත් කරණ ලිපි ලේඛණ වලට සමාන ව්‍යාජ හා කූඨ ලෙස සකස් කරණ ලද රියදුරු බලපත්‍ර, ආදායම් බලපත්‍ර හා විවිධ ලේඛණද, එම ලේඛණ සකස් කිරීමට යොදාගන්නා උපකරණ කට්ටල, පරිගණක හා උපාංග සමග දිගු කලෙක පටන් ව්‍යාජ මුද්‍රණාලයක් පවත්වා ගෙන ගිය නාරාහේන්පිට, කොළඹ 05 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නාරාහේන්පිට පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ව්‍යාජ ලෙස සකස්කර ඇති රියදුරු බලපත්‍ර 02ක්, විවිධ පුද්ගලයින්ගේ රියදුරු බලපත්‍ර 18ක්, බැංකු කාඩ්පත් 07ක්, විවිධ කාඩ්පත් 11ක්, ආදායම් බලපත්‍ර 03 ක්,IBM වර්ගයේ මොනිටර් 01ක්, LG-CORE i3 වර්ගයේ CPU එකක්, SAMSUNG වර්ගයේ KEYBOARD එකක්,
ව්‍යාජ බලපත්‍ර සකස් කිරීමට යොදාගන්නා උපකරණ කට්ටලය.
හරක් කටාගේ සහ කුඩු චුටි යන අයවලුන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ තවත් ගෝලයකු හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ උප පොලිස් පරීක්ෂක එස්.පී.කේ. බොතේජු ප්‍රසන්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (03) මිදිගම පොලිස් වසමේ දඩුගස්හේන, පාතේගම, වැලිගම ලිපිනයේ පිහිටි හීසර හොලිඩේ රිසෝල්ට් හෝටලය ඉදිරිපිට දී වැටලීමක් සිදුකරහෙරොයින් ග්‍රෑම් 15, මිලි ග්‍රෑම් 01 ක් සන්තකයේ තබාගෙන සිටි පාතේගම, වැලිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිදිගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මොහුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී මෙම සැකකරු නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තා සමගද, පාතේගම ප්‍රභාත් මධුසංක නොහොත් කුඩු චුටි යන අයවලුන් සමග සහ හරක් කටා නැමැත්තාගේ සංවිධානාත්මක අපරාධ ජාලයේ සාමාජිකයින් සමග සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණ්‍ය වී ඇත.
වියළා සකස් කල වියළි ගංජා කිලෝ 40 ආසන්න තොගයක් සැකකරුවෙකු නොමැතිව යාල රක්ෂිත ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් සහකාර පොලිස් අධිකාරි දයාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ උප පොලිස් පරික්ෂක ආර්.යු. සේනදාස ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (02) ගෝනගංආර පොලිස් වසමේ යාල රක්ෂිතය ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර . එහි දී වියළන ලද ගංජා කිලෝ 30, ග්‍රෑම් 900 ක ප්‍රමාණයක් රුගෙන යාමට සූදානමින් පොලිසැග් කවරයක් තුල බහා ගල් බෙනයක් තුල සගවා තිබිය දී සැකකරුවෙකු නොමැතිව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගෝනගංආර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.