දුමින්ද ගුරුගේ
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් පත්කළ ස්වාධීන විමර්ශන කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම ඉකුත්දා (24)සම්මේලන මූලස්ථානයේ දී ආරම්භ කෙරිණි .
පසුගිය 2022 වසරේදී ශ්‍රී ලංකාවේ ඇති වූ රාජ්‍ය අරාජිකත්වය පිළිබඳව සහ රටේ යහපැවැත්මට හානිකර සිදුවීම් පිළිබඳව කරුණු විමර්ශනය කිරීම සදහා මහා සංඝ රත්නයේ ඉල්ලීම පරිදි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා විසින් මෙම කොමිසම පත් කෙරිණි .
විශ්‍රාමික දිසා විනිසුරු පර්ල් කරල්ලියද්ද මහත්මිය මෙම කොමිසමේ සභාපතිනිය ලෙසද ආචාර්ය දුලිප් පලිහවඩන මහතා ලේකම්වරයා ලෙස ද කටයුතු කරති.
ජනාධිපති නීතිඥ යූ.ආර් ද සිල්වා ,ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා ,මහාචාර්ය නිමල් ද සිල්වා ,මහාචාර්ය මාලිනී ඇදගම,ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක ,ලුතිනන් ජනරාල් ජගත් ඩයස් ,මේජර් ජනරාල් විජිත රවිප්‍රිය,ආචාර්ය එල්.එම්.කේ.තිලකරත්න ,ආචාර්ය හර්ෂ විජේවර්ධන ,විශේෂඥ වෛද්‍ය නරේන්ද්‍ර පින්තු,විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකටුව,ව්ශ්‍රාම්ක නියෝජ්‍ය පොලිස්පති ලලින්ද්‍ර රණවීර ,සුරේන් අබේගුණසේකර,චාමින්ද කරුණාරත්න ,ගාමිණී මුණසිංහ ,පානි වෑවල,ෂෙනාලි වඩුගේ ,සමන්ත කල්හාර,සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය සභාපති රොෂාන් මද්දුමගේ යන මහත්ම මහත්මීන් මෙම කොමිසමේ කොමසාරිස්වරුන් ලෙස කටයුතු කරති.
ඉකුත් වසරේ ශ්‍රී ලංකා රාජ්‍ය අරාජිකත්වයට පත්වීම පිළිබඳව පොදුවේ කරුණු අධ්‍යනය කර වාර්තා කිරීමට අමතරව රාජ්‍ය නොවන සංවිධාන ,දෙමළ ඩයස්පෝරාව අන්‍යාගමික සහ අනාගමික කණ්ඩායම් විසින් වෙනත් කණ්ඩායම් යොදවා බෞද්ධ භික්ෂූන් වහන්සේලා හිංසනයට පත්කොට පදනම් විරහිත චෝදනා එල්ල කරමින් ජනතාව අතර අප්‍රසාදය ඇති කිරීම ,එම සංවිධාන විසින් බෞද්ධ විරෝධී කටයුතුවලට මුදල් ආධාර සැපයීම ,අන්තවාදී දේශපාන කණ්ඩායම් විසින් උසස් අධ්‍යාපනය හදාරන පැවිදි සිසුන්ගේ මනස විකෲති කර තම වව්‍යාපාරවලට යොදවා ගැනීම,2023 මැයි 09වැනි දින ගෝල්ෆේස් භූමිය ආශ්‍රිත සිදුවීම් සහ ප්‍රජාතන්ත්‍රවාදී පැවති ජනාධිපතිවරණයකින් බලයට පැමිණි ජනාධිපතිවරයා කෙටි කලකින් ජාතිය ඇමතීමකින් පවා තොරව රට හැර යාමට හේතු වූ කරුණු විමසීම ,එම වකවානුව තුළ නීතිඥ ප්‍රජාවේ ආතැම් සාමාජිකයන්ගේගේ ක්‍රියා කළාපය,බුද්ධි අංශවල කාර්ය භාරය නිසි අයුරින් ඉටු වුවාද යන්න,මෙම අවධිය තුළ මාධ්‍ය ක්‍රියාකාරිත්වය ඇතුළු කරුණු 17ක් පිළිබඳ මෙම කොමිසම කරුණු විමර්ශනය කිරීමට නියමිතය .
සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කොටපොළ අමරකීර්ති හිමියන් සහ ,හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක ,ආචාර්ය ලලිතසිරි ගුණරුවන් යන මහත්වරු ප්‍රථම දිනයේදී කොමිසම ඉදිරියේ සාක්ෂි ලබා දුන්හ.
මෙම කොමිෂන් සභාව වෙත මීට අදාළව තොරතුරු ඉදිරිපත් කරන ලෙස මහජනතාවගෙන්,ආයතන සහ සමිති සමාගම් වෙත ආරාධනා කරන අතර මෙසේ තොරතුරු ලබා දෙන පුද්ගලයනගේ,ආයතනවල හෝ සමිති සමාගම්වව රහසිගතභාවය රැකගතයුතුබව සදහන් කරන්නේ නම් එය තහවුරු කරන බව කොමිසමේ ලේකම් ආචාර්ය දුලිප් පලිහවඩන මහතා පවසයි.

